Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket මධූප ලකුණු 500 පසු කරයි

මධූප ලකුණු 500 පසු කරයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් අවුරුදු 13න් පහළ II වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරග දෙකකදී පිට පිට ශතක දෙකක් ලබාගත් සීදුව, රද්දොළුව, ශ්‍රී පඤ්ඤානන්ද විදුහල් පිලේ නායක මධූප සුදේශ් මෙවර තරගාවලියේ ලකුණු 500 සම්පූර්ණ කිරීමට සමත්විය.

අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන මධූප කණ්ඩායමේ කඩුලු රකින්නාද වෙයි. මධූප මේ වනවිට ඉනිම 10 කදී ලකුණු 506 ක් ලබා ඇත්තේ ශතක 3ක් ද සමගිනි. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 63.25 කි.

මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් පිලට එරෙහිව හතරේ පහර 18ක් සමග නොදැවී ලකුණු 104 ක් රැස්කළ මධූප ඊට පසුදින ඇල්පිටිය ආනන්ද මැදි විදුහල් පිලට එරෙහිව නොදැවී ලකුණු 116 ක් රැස් කළේ හතරේ පහර 22ක් සමගිනි. ඔහු ඊට පෙර සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විදුහල් පිලට එරෙහිව හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 102 ක් ලබාගත්තේය.

 


අදහස් (0)

මධූප ලකුණු 500 පසු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.