Last Update  :  2024-04-28 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ළහිරු තිරිමාන්න නැවතත් ටෙස්ට් සංචිතයට

ළහිරු තිරිමාන්න නැවතත් ටෙස්ට් සංචිතයට

රොෂාන් ගුණරත්න - 2017 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා අද (01 වැනිදා) නම් කරන ලද 16 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය සදහා වමත් පිතිකරු ළහිරු තිරිමාන්න කැඳවා ඇත. නිව්මෝනියා රෝගය වැළඳීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය අහිමිවූ නායක දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට එක්වී ඇත.


ආබාධයන්ට ලක්වූ අසේල ගුණරත්න සහ සුරංග ලක්මාල් ටෙස්ට් සංචිතයෙන් ඉවත්කර ඇති අතර දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට කැඳවිමට තේරීම් කමිටුව තීරණය කළහ.


2016 ජුනී මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව ටෙස්ට් තරග සදහා එක් නොවූ ළහිරු තිරිමාන්න මාස 13 කට පසුව නැවතත් ටෙස්ට් කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කර ඇති තිරිමාන්න ශතකයක් සහ අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 1056 ක් රැස්කිරීමට සමත්වී ඇත.


සිම්බාබ්වේ සමගි පැවැති එකම ටෙස්ට් තරගයට සහ ඉන්දියාවත් සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයට නම් නොකළ ලක්ෂාන් සඳකැන් නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර ටෙස්ට් තරග 5 කට ක්‍රීඩා කර ඇති ඔහු කඩුලු 15 ක් දවාගැනීමට සමත්වී ඇත.


පළමු ටෙස්ට් තරගයේදී පන්දුවක් ඇගිල්ලේ වැදීමෙන් රංගන හේරත් ආබාධයකට ලක්වුවද නැවතත් යථා තත්වයට පත්වී ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු පැවසීය.

 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), රංගන හේරත්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, ලක්ෂාන් සඳකැන්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ධණුෂ්ක ගුණතිලක, ඩිල්රුවන් පෙරේරා, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, මාලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්.

 


අදහස් (0)

ළහිරු තිරිමාන්න නැවතත් ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.