Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 19න් පහළ යොවුන් පිලේ ප්‍රබලතම තුන්ඉරියව් ක්‍රීඩක සම්මු අෂාන්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් වර්ණවත් වූ ආනන්ද විදුහල් පිලේ පළමු ඉනිම කඩුලු 5 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටියදී 88 වැනි සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය නිමාවට පත්විය. කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මෙම මහ ක්‍රිකට් තරගයේදී කඩුලු 5ක් අතැතිව සිටින ආනන්ද විදුහල නාලන්දා පිලට වඩා ලකුණු 16ක් ඉදිරියෙන් පසුවෙයි.
නාලන්දාවේ මාලිංග අමරසිංහගේ සහ අසේල කුලතුංගගේ පන්දු යැවීම හමුවේ ආනන්ද විදුහලේ මුල්පෙළ පිතිකරුවන් අසරණ වූවත් සිය පරිණත බව කදිමට විදහා පෑ සම්මු අෂාන් පන්දු යවන්නන් මැනවින් පාලනය කරගැනීමට සමත්වීම කැපී පෙනුණි.
කාසියේ වාසිය දිනූ ආනන්ද කණ්ඩායමේ නායක කවිෂ්ක අංජුලගේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහරදුන් නාලන්දා විදුහල් පිල සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 144 කි.
මුල්පෙළ කඩුලු 4ක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටීමෙන් පසුව ඉනිම පිළිසකර කළ ආරම්භක පිතිකරු අවිශ්ක පෙරේරා සහ සුරංග විජේවර්ධන 5 වැනි කඩුල්ලට ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූහ. අවිශ්ක පෙරේරා ලකුණු 26කට දැවී ගිය අතර එතෙක් සාර්ථක පිතිහරඹයක නිරතව සිටි සුරංග විජේවර්ධන දිවා ආහාරයට මොහොතකට පෙර දැවී ගියේ ලකුණු 37 කටය.
ආනන්දයේ නායක කවිෂ්ක අංජුල කඩුලු 3ක් දවාලූ අතර ඔහුට අනගි සහයක් ගෙන දුන් චාමික ගුණසේකර කඩුලු 2ක් දවාලීය.
වසර 1924 දී ආරම්භ කළ ආනන්ද - නාලන්ද බෞද්ධ පාසල් අතර මහා ක්‍රිකට් ගැටුම පවත්වනු ලබන්නේ සුජීව කමලසූරිය කුසලානය වෙනුවෙනි.
නාලන්දා විදුහල - පළමු ඉනිම 144යි.
(අවිශ්ක පෙරේරා 26, සුරංග විජේවර්ධන 37, මධුෂාන් හසරංග 31, කවිෂ්ක අන්ජුල 37/3, චාමික ගුණසේකර 23/2, සුපුන් වරාගොඩ 26/2)
ආනන්ද විදුහල - පළමු ඉනිම 160/5යි.
(දුෂාන් හෙට්ටිගේ 37, කවිශ්ක අන්ජුල 25, සම්මු අෂාන් නොදැවී 60, මාලිංග අමරසිංහ 32/2, අසේල කුලතුංග 45/3)
- 077
ආනන්ද - නාලන්දා පාසල් මහ ක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා ...
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.