Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගාගෙන් තවත් අගනා ඉනිමක්

සංගාගෙන් තවත් අගනා ඉනිමක්

ශනුක අරවින්ද - 2017 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ‘රෝයල් ලන්ඩන්’ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වූස්ටර්ෂයර් ප්‍රන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 73 ක් රැස්කිරීමට කුමාර් සංගක්කාර සමත් විය. සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සංගක්කාර යෝක්ෂයර් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 121 ක් ලබාගත්තේය.

මෙවර ‘රෝයල් ලන්ඩන්’ කුසලාන තරගාවලියේදී සංගක්කාර ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය වන අතර පන්දු 72 කදී වාර්තා වූ ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. මේ වන විට රෝයල් ලන්ඩන් කුසලාන තරගාවලියේ තරග 9 කට ක්‍රීඩා කර ඇති සංගක්කාර එහිදී ශතක 2 ක්ද සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 515 කි. ඒ අනුව ඔහු වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ පසුවේ.

ජේසන් රෝයි (92) සහ මාර්ක් ස්ටෝන්මන් (41) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදි ගොඩනැගූ ලකුණු 114 ක වේගවත් සම්බන්ධතාවය නිසා කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 363 ක් ලබාගත්තේය.

ජේසන් රෝයි සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, ඉන් නොනැවතී බෙන් ෆෝක්ස් (86) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු 81 කදී වාර්තා වූ ජේසන් රෝයිගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සමන්විත වූ අතර පන්දු 70 කදී වාර්තා වූ බෙන් ෆෝක්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

මෙම තරගයේදී වූස්ටර්ෂයර් ප්‍රන්ත කණ්ඩායමේ සියලුම පන්දුයවන්නන් පාහේ දැඩි ලෙස පහරකෑමට ලක්වූ අතර එහිදී ජෝන් හේස්ටිංස්ගේ ඕවර 10 දී ලකුණු 97 ක් උදුරාගැනීමට සරේ ප්‍රාන්ත පිතිකරුවෝ සමත් වූහ.

සරේ ප්‍රාන්ත පිල - ඕවර 50 කදී කඩුලු 7 කදී 363
(ජේසන් රෝයි 92, මාර්ක් ස්ටෝන්මන් 41, කුමාර් සංගක්කාර 73, බෙන් ෆෝක්ස් 86, ඔලී පෝප් 22, සෑම් කරන් 21, ජෝ ලීච් 66/2)

-036


අදහස් (0)

සංගාගෙන් තවත් අගනා ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.