Last Update  :  2025-10-11 19:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තුර්ක්මෙනිස්ථානයට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තුර්ක්මෙනිස්ථානයට

editorial - 2025 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ )

දෙරට අතර ලබන අගහරුවාදා (14) පැවැත්වෙන ආසියානු කුසලාන (2027) නිර්දේශ තෙවැනි වටයේ (ඩී කාන්ඩයේ) තරගයට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (11) රාත්‍රීයේදී  ඇස්ගාබට් නුවර බලා පිටත්ව ගියේය.

එහිදී පැවැත්වෙන්නේ එම තරග වටයේ දෙරට මුණ ගැසෙන දෙවැනි තරගයයි.කොළඹදී පෙරේදා (9) පැවැති දෙරට අතර පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1- 0 ක ජයක් ලැබීය.ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසයේ තුර්ක්මෙනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ පළමු ජය ලෙසත් එය වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තුර්ක්මෙනිස්ථානයට ළගා වන්නේ ආසියානු කුසලාන (2027) නිර්දේශ තෙවැනි තරග වටයේ ඩී කාන්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත් වෙමිනි.එහිදී කොළඹදී ශ්‍රී ලංකාවට පරාජය වූ තුර්ක්මෙනිස්ථානය තවදුරටත් එහි පෙරමුණේ පසු වේ.කෙසේවූවත් ඩී කාන්ඩයේ ශ්‍රී ලංකාව,තුර්ක්මෙනිස්ථානය හා තායිලන්තය යන රටවල් තුනම ලකුණු හය බැගින් මේ වන විට සම ප්‍රසාද ලකුණු ලබා සිටීමෙන් මේ වන විට තරගාවලිය ඉහළම තියුණු මුහුණුවරක් ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා තුර්ක්මෙනිස්ථානයට එරෙහිව තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සංශෝධනයකින් තොරව අගහරුවාදා තරගයටත් නිර්දේශ කෙරෙනු ඇතැයි වාර්තාවේ.ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ( පිරිමි කණ්ඩායම්) ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට ශ්‍රී ලංකාව 197 වැනි ස්ථානයේත් තුර්ක්මෙනිස්ථානය 138 වැනි ස්ථානයේත් පසු වේ.


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තුර්ක්මෙනිස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.