
(දමින්ද විජේසූරිය)
තර්ස්ටන් නායක විහස් තෙව්මික පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දැක්වූ දස්කම් ප්‍රදර්ශනය කරමින් පැවැති 61 වැනි සොහොයුරන්ගේ සංග්‍රාමය කොළඹ එස්.එස්.සී. පිටියේදී ඊයේ (25 වැනිදා) ජය පරාජයකින් තොරව නිමා විය.
තර්ස්ටන් විදුහල වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ විහස් තෙව්මික ලකුණු 74 කට කඩුලු 6 ක් දවාගැනීමෙන් අනතුරුව දෙවැනි දිනයේදී සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 77 ක් ලබා ගත්තේ හතරේ පහර 9 කින් සහ අලංකාර හයේ පහරකින් තම සහෝදර තර්ස්ටන් සිසුන් මෙන්ම ආදි සිසුන් ද කුල්මත් කරමිනි.
ඉසිපතනයට (250) වඩා ලකුණු 3 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගත් තර්ස්ටන් පිතිකරුවෝ (253/8) සිය පළමු ඉනිම අත්හිටවූ නමුත් ඉසිපතන දෙවැනි ඉනිම පිතිකරුවන්ගේ අණසකට නතුවී තිබිණ. දෙවැනි ඉනිමේදී නවිඳු උමෙත් (නොදැවී 24) සහ රුචිත් රුද්රිගු (82) දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් හයේ පහර 5 කින් සහ හතරේ පහර 7 කින් ඉසිපත සිසු-ආදි සිසුකැළ පිනවමින් සිටි රුද්රිගගේ පන්දු 97 ඉනිම නිමා වීමත් සමගින් තරගය ද නතර කරන ලදි.
පළමු දිනයේදී ඉසිපතන උපනායක තරුෂ්ක අෂෙල් (102) කළ ධෛර්යවත් පිතිහරඹය නිසා හිස් ඔසවාගත් ඉසිපතන ක්‍රීඩකයෝ, සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 250 ක් ලබාගත්හ. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් තරග 10 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති තර්ස්ටන් නායකයා, පිට දඟ පන්දු යැවීමෙන් ඉසිපතන පිල මෙල්ල කරගත් නමුත් තරුෂ්ක මෙල්ල කරගැනීමට අපොහොසත් විය.
ලකුණු 19 දී පළමු වැනි ඉසිපතන කඩුල්ල බිඳ වැටුණද, පිළිවෙලින් 2 වැනි (45), සිව්වැනි (55) සහ පස්වැනි (43) කඩුලු වෙනුවෙන් සාර්ථක සම්බන්ධතා තුනක් ගොඩනැවූ තරුෂ්ක දැවී ගියේ 9 වැනි පිතිකරුවා ලෙසිනි. ඒ වන විටත් ලකුණු 231 ක් ලබා සිටි ඉසිපතන කණ්ඩායම ලකුණු 250 සීමාව පැනගැනීමෙන් පසුව පන්දුවට පහර දීමේ අවස්ථාව තර්ස්ටන් පිලට පැවරීය.
තර්ස්ටන් ඉනිමේදී විහස් තෙව්මික සහ හරිත් ශාලක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ද ගොඩනැංවූවද පසුපෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් දැවී ගියේය.
ඉසිපතන විදුහල - පළමු ඉනිම කඩුලු 9 ට 250 යි 
(එන්. උමෙත් 14, තරුෂ්ක අසෙල් 102, කෙවින් සැමුවෙල් 19, ආර්. සෙනරත් 20, ලෙසඳු කල්පගේ 11, එස්. ගුණවර්ධන 15, චනුල් දිනෝත් නොදැවී 22, විහස් තෙව්මික 74/6, තනුග පළිහවඩන 56/2)
තර්ස්ටන් විදුහල - පළමු ඉනිම කඩුලු 8 ට 253 යි
(ඩිනාල් ඉඳුරුව 18, තනුජ රාජපක්‍ෂ 37, සෙත්රු ප්‍රනාන්දු 12, ශානික්‍ය දේශප්‍රිය 20, විහස් තෙව්මික 77, හරිත් ශාලක 42, මුදිත ද කොස්තා 28, සිතුක ගුණවර්ධන 88/4, තරුෂ්ක අෂෙල් 43/2)
ඉසිපතන විදුහල - දෙවැනි ඉනිම කඩුලු 1 ක්  දැවී 113 යි
(නවිඳු උමේෂ් නොදැවී 24, රුචිත් රුද්රිගු 82)

සිතුක ගුණවර්ධන කඩුල්ලක් ලබා...

කෙවින් සැමුවෙල්...

ඡායාරූප - ළහිරු හර්ෂණ





ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.