Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජේසන් රෝයිගේ (153) අගනා පිතිහරඹය හමුවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස බංග්ලාදේශයට එරෙහිව කාඩිෆ්හි සොපියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 106 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. එම ජයග්‍රහණයත් සමග ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද එංගලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 387 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 48.5 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 280 ක් පමණි. එහිදී හුදකලා සටනක නිරත වූ සකීබ් අල් හසන් (121) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. පන්දු 119 කදී ලබාගත් සිය 8 වැනි එක්දින ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සැරසීමට සකීබ් සමත් විය.
මුෂ්ෆිකූර් රහීම් (44) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 102 කදී ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සකීබ් සමත් වූ අතර පන්දු 50 කදී වාර්තා වූ රහීම්ගේ ඉනිමට හතරේ පහර 2 ක් අන්තර්ගත විය. ලයෑම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ ජේසන් රෝයි අතට උඩ පන්දුවක් දෙමින් රහීම් දැවී යෑමත් සමග බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින් දවාගනිම්න් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූ අතර මාක් වුඞ්ද කඩුලු 2 ක් දවාගනිමින් ඒ සඳහා ස්ටෝක්ස්ට සහ ආචර්ට අනගි සහායක් දුන්හ.
ජේසන් රෝයි (153) සහ ජොනී බෙයාස්ට්‍රෝ (51) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ගොඩනැගූ ලකුණු 128 ක සම්බන්ධතාව හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 386 ක් ලබාගත්තේය. පන්දු 121 කදී සිය 8 වැනි එක්දින ශතකය ලබාගත් රෝයි හයේ පහර 5 කින් සහ හතරේ පහර 14 කින් එය අලංකාර කළේය.
පන්දු 50 කදී වාර්තා වූ බෙයාස්ට්‍රෝගේ 10 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය. බෙයාස්ට්‍රොගේ දැවී යෑමෙන් අනතුරුව ජෝ රූට් (21) සමග එක්වූ රෝයි, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජොස් බට්ලර්, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 64 ක් රැස්කළේය. නායක ඔයින් මෝගන් (35) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත මැද පෙළ ශක්තිමත් කිරීමටද බට්ලර් සමත් විය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ලයෑම් ප්ලන්කට් පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක්ද, ක්‍රිස් වෝක්ස් පන්දු 8 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 380 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.
-036
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.