Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රසාංජනගෙන් අලංකාර ශතකයක්

රසාංජනගෙන් අලංකාර ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආනන්ද - නාලන්දා 88 වැනි සුලෝහිත සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද පස්වරුවේ ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. තරගය නිමාවෙද්දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාලන්දා විදුහල කඩුලු 4ක් දැවී ලකුණු 286 ක් ලබා සිටි අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ලක්ෂිත රසාංජන නොදැවී ලකුණු 113 ක් රැස් කරමින් සියලු ගෞරව දිනාගැනීමට සමත්විය.

පළමු දිනය වූ ඊයේ තරගය නිමාවනවිට කඩුලු 5 කට ලකුණු 160 ක් ලබා සිටි ආනන්ද විදුහල් පිල අද දහවල් වනවිට කඩුලු 8ක් දැවී ලකුණු 190 ක් ලබා ඉනිම අත්හිටුවන ලදි.

දෙවැනි ඉනිම ආරම්භ කළ නාලන්දාවේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමෙන් පසුව රසාංජන සහ විජේවර්ධන එක්ව ඉනිම පිළිසකර කරමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩ නැගිම කැපී පෙනුණි. රසාංජනට අනගි සහයක් ලබා දුන් සුහංග විජේවර්ධන රැස් කළ ලකුණු සංඛ්‍යාව 43 කි. අවසන් මොහොතේ රසාංජන සමග එක්වූ කසුන් සඳරුවන් ලකුණු 50ක් ලබාගැනිමට සමත්විය.

ඊයේ ආනන්ද ඉනිම ගොඩ නැගූ අවුරුදු 19 න් පහළ යොවුන් පිලේ ප්‍රබලතම තුන්ඉරියව් ක්‍රීඩක සම්මු අෂාන් අද උදෑසන ලකුණු 67 කට දැවී ගියේය. ආනන්ද විදුහල් පිලේ පසුපෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ කළණ පෙරේරා සහ අසේල් කුලතුංග කඩුලු 3 බැගින් දවාලීමට සමත්වූහ.


නාලන්දා විදුහල - පළමු ඉනිම 144යි.
(අවිශ්ක පෙරේරා 26, සුහංග විජේවර්ධන 37, මධුෂාන් හසරංග 31, කවිෂ්ක අන්ජුල 37/3, චාමික ගුණසේකර 23/2, සුපුන් වරාගොඩ 26/2)

ආනන්ද විදුහල - පළමු ඉනිම 190/8යි. ඉනිම අත්හිටුවන ලදි
(දුෂාන් හෙට්ටිගේ 37, කවිශ්ක අන්ජුල 25, සම්මු අෂාන් 67, කමේෂ් නිර්මාල් 28, අසේල කුලතුංග 45/3, කළණ පෙරේරා 35/3)

නාලන්දා විදුහල - දෙවැනි ඉනිම - 286/4යි.
(දසුන් සෙනෙවිරත්න 39, මාලිංග අමරසිංහ 21, ලක්ෂිත රසාංජන නොදැවී 113, සුහංග විජේවර්ධන 43, මාලිංග අමරසිංහ 21, කසුන් සඳරුවන් නොදැවී 50, කවිෂ්ක අන්ජුල 22/2යි)

 

- 077

 

 

ආනන්ද - නාලන්දා පාසල් මහ ක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ශාන්ත රත්නායක)


අදහස් (0)

රසාංජනගෙන් අලංකාර ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.