Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බස්නාහිර දකුණ අවසන් තරගයට

බස්නාහිර දකුණ අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අද (4 වැනිදා) සමත් විය.


කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 130 ක පහසු ජයක් වාර්තා කරමින් බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 304 ක ඉලක්කයක් හඹාගිය බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ඕවර 31.1 ක් අවසානයේ ලකුණු 173 කට සීමා කිරීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූහ.


රොෂාන් සංජය, තෂික් පෙරේරා සහ ඉංෂක සිරිවර්ධන කඩුලු 2 බැගින් දවාගනිමින් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ. එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට ළහිරු අත්තනායක (51) සමත් වුවත් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ නිෂාන් මධුෂංක (102) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර සනෝජ් ධර්ෂික (52) අර්ධ ශතකයක් ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා මදුෂංකට අනගි සහායක් දුන්නේය.


තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (5 වැනිදා) වයඹ පාළාත් කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 303
(නිෂාන් මධුෂංක 102, සනෝජ් ධර්ෂික 52, කමිල් මිෂාර 46, අවිඳු ප්‍රනාන්දු 29, මිතිල ගීත් 48/2, සජිත් සමීර 68/2)


බස්නාහිර පළාත් උතුර කණ්ඩායම - ඕවර 31.1 කදී සියලු දෙනා දැවී 173  
(ළහිරු අත්තනායක 51, අෂාන් ප්‍රනාන්දු 28, ප්‍රතුවි රූසර 26, මහේෂ් තීක්ෂණ 2, රෙහාන් සංජය 24/2, තෂික් පෙරේරා 33/2, ඉංෂක සිරිවර්ධන 47/2)

 

 

නිශාන් මධුෂංක - ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි

 


අදහස් (0)

බස්නාහිර දකුණ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.