Last Update  :  2026-01-24 22:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයේ ස්ථානය ස්කොට්ලන්තයට
විස්සයි-20 ලෝක කුසලාන

බංග්ලාදේශයේ ස්ථානය ස්කොට්ලන්තයට

editorial - 2026 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දෙසතියකින් ආරම්භ වීමට නියමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය සහභාගී වන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාාව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරය දරන ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වේ. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ප්‍රකාශයට පත්කරන ලද කාලසටහනට අනුව, ඉන්දියාවේ කොල්කටා සහ මුම්බායි නගර වලදී පැවැත්වීමට නියමිත තරගවලට සහභාගී වීම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. එම තීරණය නැවත සලකා බැලීම සඳහා බංග්ලාදේශයට පැය 24 ක කාලයක් දුන් නමුත් ඔව්හු සිය තීරණය වෙනස් නොකළහ. 

ඒ හේතුවෙන් 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයේ ස්ථානය ස්කොට්ලන්තයට පිරිනමා තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කරන ලද බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (24 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය. 

ඒ අනුව ‘සී’ කාණ්ඩයේදී එංගලන්තය, ඉතාලිය, නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් සමඟ එක්වෙමින් ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කරයි. 

බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේ සිටින කාලය ඇතුළත ඔවුන්ගේ ආරක්‍ෂාවට කිසිදු තර්ජනයක් ඇතැයි විශ්වාසදායක හෝ සත්‍යාපනය කළ හැකි තොරතුරක් නොමැති විට, එම තරග ඉන්දියාවෙන් පිටතට ගෙනයාම සඳහා බංග්ලාදේශය කළ ඉල්ලීම සලකා බැලිය නොහැකි බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය මේ තරම් ආසන්නයට පැමිණ තිබියදී එය කිසිසේත්ම කළ නොහැකි බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනයක සඳහන් වෙයි. 

සති තුනකට වැඩි කාලයක් පුරා, වීඩියෝ සම්මන්ත්‍රණ සහ පුද්ගලයන් වශයෙන් මුණගැසී පවත්වන ලද රැස්වීම් ද ඇතුළුව විනිවිද පෙනෙන ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මෙම ප්‍රශ්නය විසඳාගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව උත්සාහ ගත්තේය. එහෙත් බංග්ලාදේශය ඔවුන්ගේ ස්ථාවරයේ දිගින් දිගටම රැඳී සිටියේය. 

අවසානයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කළේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව, ප්‍රකාශයට පත්කරන ලද තරග සැලැස්ම වෙන් කිරීම නොමනා බවයි. ඒ අනුව ස්කොට්ලන්තයට ලෝක කුසලාන තරගාවලියට පිවිසීමේ අවස්ථාව හිමිවිය. 

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් තේරීමේ ක්‍රමවේදය අනුව එම තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ස්කොට්ලන්තය අසමත් විය. ලෝක කුසලාන තරගාවලියට ලෝකයේ රටවල් 20 ක් සහභාගි වන නමුත් විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ස්කොට්ලන්තයට හිමි වන්නේ 14 වැනි ස්ථානයයි. 

ශ්‍රේණිගත කිරීම් අනුව, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කරන නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕමානය සහ ඉතාලියට වඩා ස්කොට්ලන්තය ඉදිරියෙන් සිටී.

- 213


අදහස් (0)

බංග්ලාදේශයේ ස්ථානය ස්කොට්ලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.