
නාමල් පතිරගේ
කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ (2025 -26) සුපිරි අට වටයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. එහි විශේෂත්වය ඔවුන් පසුගිය සති අන්තයේ පැවැති තරග වටය නිමාවට පත් වන විටත් අපරාජිතව පසුවීමයි
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය විසින් මෙහෙයවන මෙම තරගාවලියේ සියලු තරග කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
අපරාජිත පෙලිකන්ස් ක්‍රිඩකයෝ මෙතෙක් සහභාගිවී ඇති සුපිරි අට වටයේ තරග තුනෙන් දෙකක් ජයග්‍රහණය කරමින්ද, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු හතක් රැස් කර ගෙන තිබේ.
තරගාවලියේ දැනට වාර්තා වී ඇති ජයග්‍රහණ අනුව මාවනැල්ල සෙරන්ඩිබ්, ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනිතැනේ පසුවේ. සෝන්ඩර්ස්, ශාන්ත මේරි, ජාවාලේන්, යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු පහ බැගින් ලබා එහි තෙවැනි තැනේ රැදී සිටිති. මේ අතර කුරුණෑගල පෙලිකන්ස් හා පොලිස් යන කණ්ඩායම් සුපිරි අට වටයේ මෙතෙක් තරග ජයග්‍රාහණයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටියි. තරගාවලිය යටතේ පසුගිය සති අන්තයේදී පැවති තරග දෙකකදී පෙලිකන්ස් කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම ගෝල 2 - 1 කින් පරාජය කළේය. සෝන්ඩර්ස් කණ්ඩායම හා ජාවාලේන් කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2 - 2 කට සම විය.මෙම තරඟයේදී ජාවාලේන් ක්‍රීඩක ඔලුව්සෙන් ඔලවාලේ විනිසුරු විසින් රතුකාඩ් පත පෙන්වා පිටියෙන් පිටමන් කරන ලදී.
සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරග
(පාපන්දු ආයතනයේ නිල තරග කාල සටහනට අනුවයි - සියළු තරග කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ)
පෙබරවාරි 21
පස්වරු 4ට:- කොළඹ නිව් ස්ටාර් පිල හා පොලිස් පිල අතර
රාත්‍රී 8ට:- ජාවාලේන් පිල හා මාවනැල්ල සෙරන්ඩීබ් පිල අතර
පෙබරවාරි 22
පස්වරු 4ට:- සෝන්ඩර්ස් පිල හා අනුරාධපුරය සොලිඩ් පිල අතර
රාත්‍රී 8 ට:- යාපනය ශාන්ත මේරි පිල හා කුරුණෑගල පෙලිකන්ස් පිල අතර
තරග ප්‍රතිපල
මීගමුව යූත් පිල විසින් ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිල පරාජය කරන ලදී (2-1 - පරාජිතයන්ගේ වටයේ තරගයකි)
සෝන්ඩර්ස් පිල හා ජාවාලේන් පිල අතර තරගය සමයි (2-2)
කුරුණෑගල පෙලිකන්ස් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී (2-1)
මාවනැල්ල සෙරන්ඩිබ් පිල විසින් අනුරාධපුරය සොලිඩ් පිල පරාජය කරන ලදී (4-0)
මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ශ්‍රී ලංගම පිල පරාජය කරන ලදී (5-3 - පරාජිතයන්ගේ වටයේ තරගයකි)
යාපනය ශාන්ත මේරි පිල හා කොළඹ නිව් ස්ටාර් පිල අතර තරගය සමයි (3-3)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.