Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිල් මහ සටන හෙට සිට
මහ ක්‍රිකට් තරග

නිල් මහ සටන හෙට සිට

editorial - 2024 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර දිවංගත ඩී.එස්. සේනානායක අනුමස්රණ පළිහ වෙනුවෙන් 145 වැනි වරටත් පවත්වනු ලබන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මෙම මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර ‘මස්ටෑන්ග්’ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය මෙම මස 16 වැනිදා පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. 

මෙම වසරේදී රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩාය නියෝජනය කළ සිනෙත් ජයවර්ධනට හිමිවී ඇති අතර මහිත් පෙරේරා සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර තරගය ඩයලොග් ටීවී නාලිකා අංක 126 ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරේ. 

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 144 න් තරග 36 ක ජය තමන් සතුකර ගැනීමට රාජකීය විදුහල සමත්ව ඇති අතර සාන්ත තෝමස් විදුහලද ජයග්‍රහණය 35 කට හිමිකම් කියයි. තරග 73 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. අවසන් වරට 2023 වසරේදී පැවැති නිල් මහ සටන ජය ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් වූ අතර සාන්ත තෝමස් විදුහල අවසන් වරට නිල් මහ සටන ජයගෙන ඇත්තේ 2019 වසරේදීය. 

නායක මහිත් පෙරේරා සාන්ත තෝමස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින අතර ශතක 3 ක් සමග මෙවර තරගවාරයේදී ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 700 ඉක්මවයි. ඔහුට අමතරව තිසෙන් ඇහැළියගොඩ ලකුණු 600 සීමාවද, දිනෙත් ගුණවර්ධන ලකුණු 500 සීමාවද ඉක්මවමින් සාන්ත තෝමස් පිතිහරඹ ලැයිස්තුව සවිමත් කරති. 

කඩුලු 60 කට වැඩියෙන් දවාගෙන සිටින අභීත් පරණවිදාන සාන්ත තොමස් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටියි. ඔහු හැරුණුකොට කවිඳු ඩයස්, නේදන් කල්දේරා, යටින්ද සිරිවර්ධන සහ ආකාෂ් ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝද ශාන්ත තෝමස් කණ්ඩායමේ පන්දු යැවීමේ බළෑණිය තවත් ශක්තිමත් කරති. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් මෙවර අන්තර් පාසල් තරග වාරයේ තරග 5 කට පමණක් ක්‍රීඩා කළද රාජකීය කණ්ඩායම සතුව සිටින ප්‍රභලම පිතිකරුවා ලෙස සිනෙත් ජයවර්ධන හැදින්විය හැකිය. රාජකීය කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව නියෝජනය කරන යසිඳු දිසානායක ලකුණු 550 සීමාවද, රෙහාන් පීරිස් 500 සීමාවද, රසිරු පෙරේරා 450 සීමාවද ඉක්මවා සිටිති. 

රාජකීය කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට දඟ පන්දු යවන ක්‍රීඩක රමිරු පෙරේරා සමත්ව ඇතිතේ කඩුලු 45 ක් බිඳහෙළමිනි. කඩුලු ලාභීන් අතර රමිරුට පසුපසින් සිටියත්, නායක සිනෙත් ජයවර්ධන, යෙනුල බණ්ඩාර සහ රනුක මල්ලවාරච්චි යන ක්‍රීඩකයෝද රාජකීය පන්දු යැවීම බලගන්වති. 

රාජකීය - සාන්ත තෝමස් මහ තරගයේදී බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පසු කලෙක ශ්‍රී ලංකාව පාලනය කිරීමට වරම් ලැබූවෝද වූහ. ඩී.එස් සේනානායක (1901-1902), ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක (1927-1929) යන හිටපු අගමැතිවරුන් සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන (1925) යන මහත්වරු රාජකීය විදුහල නියෝජනය කරමින්ද මෙම එෛතිහාසික නිල් මහ සටනට ක්‍රීඩා කළහ. 

මෙම තරගයේදී රැස් කරන සෑම ලකුණකටම රු.1000 ක මුදලක් හා බිඳ වැටෙන සෑම කඩුල්ලකටම රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම ප්‍රතිඥාවක් ලබාදී ඇත. ඒ අනුව පසුගිය වසරේදී (2023) රුපියල් 1,128,000 ක මුදලක්ිඡක්හ දෙර ් ක්‍්මිැ’ වෙනුවෙන් පිරිනමා තිබේ. එම මූල්‍ය ප්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිතුමන් සහ සාන්ත තෝමස් විදුහලේ විද්‍යාලාධිපතිතුමන්ගේ උපදෙස් අනුව උපකාර අවශ්‍ය පාසල් සදහා ලබාදීමට කටයුතු කරන ලදී. 

 

රාජකීය විදුහල  
පළමු පෙළ (වමේ සිට) - අනුර ප්‍රෂාන්ත මහතා (ක්‍රීඩ භාර අචාර්ය), එල්.කේ.ඩබ්ලිව්. සිල්වා මහතා (නියොජ්‍ය විදුහල්පති), සිනෙත් ජයවර්ධන (නායක), තිලක් වාත්තුහේවා මහතා (විදුහල්පති), රමිරු පෙරේරා (උප නායක), එම්.ඒ.එම්. රියාස් මහතා (එස්.ජීඑම්.) සහ රොහාන් සොයිසා මහතා (ප්‍රධාන පුහුණුකරු) 
දෙවැනි පෙළ (වමේ සිට) - නෙත්වින් ධර්මරත්න, රනුක මල්ලවාරච්චි, රෙහාන් පීරිස් සහ බුලන් වීරතුංග 
තෙවැනි පෙළ (වමේ සිට) - යෙනුල බණ්ඩාර, තමෝද් යෂෝධ්‍ය, ඉසුල ගීගනගේ, ඇනික් ප්‍රනාන්දු, යසිඳු දිසානායක, අනූෂ් පොලොන්නොවිට, උදන්ත ගඟේවත්ත, කුචිල රන්මඩල සහ තරුල් අම්පෙමොහොට්ටි  
සිවුවැනි පෙළ (වමේ සිට) - රයන් සුගතදාස, තෙවිඳු වෑවල්වල, ගීෂාන් පෙරේරා, ඛලීඞ් රහිම්ඩීන්, ඔවින අඹන්පොල, දිනුර සේනාරත්න සහ ෂේන් අඹේරත්න 

 

සාන්ත තෝමස් විදුහල  
පළමු පෙළ (වමේ සිට) - අභීත් පරණවිදාන, කවිඳු ඩයස්, සොනාදි බුලන්කුලම, මහිත් පෙරේරා, නේතන් කල්දේරා, දිනෙත් ගුණවර්ධන, ආකාෂ් ප්‍රනාන්දු සහ තිසේන් ඇහැළියගොඩ 
දෙවැනි පෙළ (වමේ සිට) - නෙතුම් විතානගේ, ඩැරින් දියේගෝ, අරිත් අධිකාරම්, යටින්ද්‍ර සිරිවර්ධන, අෂේන් පෙරේරා, සදෙව් සොයිසා, සචිත්‍ර ගුණසිංහ, ශානිල් පෙරේරා, මනිත් ප්‍රනාන්දු, අනුක් දේවනාරායන සහ චනුත් ඇහැළියගොඩ 
තෙවැනි පෙළ (වමේ සිට) - අවිනාෂ් ප්‍රනාන්දු, මිතිල චාල්ස්, යොවෙල් වර්ණකුලසූරිය, චමාෂ් ගුණවර්ධන, අයමන් අන්සාරි, මහිත් රාජපක්ෂ, ධිවේන් ජයසූරිය, දිනෙත් පීරිස් සහ අන්ෂේන් ද සිල්වා 

 


අදහස් (0)

නිල් මහ සටන හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.