
කිලෝ ග්‍රෑම් 85 ට අඩු නවසීලන්ත රග්බි කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. නායකයා වූ ලසිඳු කරුණාතිලක නම්කර තිබේ. ඔහුගේ උප නායකයා වශයෙන් මහනුවර පිලේ නායක තරිඳු චතුරංග පත්කරනු ලැබ ඇත.
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයෙන් රග්බි පිටියට පිවසි ලසිඳු කරුණාතිලක 2015 දී මයිලෝ කුසලාන විද්‍යා විද්‍යාලයට දිනා දීමේ පුරෝගාමියා විය. එදා මෙදා තුර විද්‍යා විද්‍යාලය විසින් දිනාගන්නා ලද එකම ප්‍රධාන පෙළේ කුසලානය ද එයයි. පාංශු දේහධාරියකු වන ලසිඳු කණ්ඩායමේ අංක 8 ක්‍රීඩකයා ලෙසින් පිටියට පිවිසෙයි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ද නියෝජනය කළ ලසිඳු කරුණාතිලක, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට එක්විය. පසුව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිලට එක්වූ ලසිඳු සිය හැඩි දැඩි සිරුරෙන් ප්‍රතිවාදීන් මැඬගනිමින්, තරගයේ පාලනය තනිවම සියතට ගන්නා අවස්ථා ද තිබේ.
ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි තරිඳු චතුරංග පසුව කිංග්ස්වුඩ් විද්‍යාලට ඇතුළත් වූයේය. කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් අති විශිෂ්ට දස්කම් දැක්වූ තරිඳු පසුව මහනුවර රග්බි පිලට එක්විය. වසර 12 ක කාලයක් පුරා මහනුවර රග්බි ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරිඳු චතුරංග, වසර 13 ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ පළපුරුදු ක්‍රීඩකයෙකි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ මස 25 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙවැන්න මැයි මස 2 වැනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.