Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය ලකුණු 115 ක් පසුපසින්

නවසීලන්තය ලකුණු 115 ක් පසුපසින්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (31 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටියේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තවත් කඩුලු 4 ක් අතැතිව එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 115 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය නිමාවන විට බී.ජේ. වෙට්ලින් හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 77 ක්ද, ටිම් සවුති හතරේ පහර 2 ක් සමග ලකුණු 13 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 36 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට පත්ව තිබූ නවසීලන්ත කණ්ඩායම එම තත්ත්වයෙන් ගොඩගත් බී.ජේ. වෙට්ලින්, හයවැනි කඩුල්ල වෙනුවෙන් කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (72) සමග එක්ව ලකුණු 142 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. ග්‍රෑන්ඞ්හෝම්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ස්ටුවට් බෝඞ් ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගත්තේ ග්‍රෑන්ඞ්හෝම්ගේ කඩුල්ලද සමගනි. ටොම් ලේතම් (0), රොස් ටේලර් (2) සහ හෙන්රි නිකලස් (0) බ්‍රෝඞ්ගේ පන්දු හමුවේ දැවී ගිය සෙසු නවසීලන්ත පිතිකරුවෝ වූහ. බ්‍රෝඞ්ට අනගි සහායක්දු ජේම්ස් ඇන්ඩසන්, ප්‍රතිවාදීන්ට ලකුණු 43 ක් දෙමින් නායක කේන් විලියම්සන් ලකුණු 22 කටත්, ජීත් රාවල් ලකුණු 5 කටත් පිටියෙන් ඉවත් කළේය.

පළමු දිනය වූ ඊයේ (30 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 17 ක් පමණි. අද දිනයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5 වැනි ශතකය ලබාගැනීමට එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ට්‍රෝ (101) සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 62 කට කඩුලු 6 ක් දවාගත් ටිම් සවුති එංගලන්ත පළමු ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 87 කට කඩුලු 4 ක් දවාගත්තේ බෙයාස්ට්‍රෝගේ කඩුල්ලද සමගිනි.

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 307
(මාර්ක් ස්ටොනෙමන් 35, ජෙම්ස් වින්ස් 18, ජෝ රූට් 37, බෙන් ස්ටෝක්ස් 25, ජොනි බෙයාස්ට්‍රෝ 101, මාර්ක් වුඞ් 52, ජැක් ලීච් 16, ටිම් සවුති 62/6, ටේ‍රන්ට් බෝල්ට් 87/2)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 192
(කේන් විලියම්සන් 22, බී.ජේ. වෙට්ලින් 77, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 72, ස්ටුවට් බ්‍රෝඞ් 38/4, ජේම්ස් ඇන්ඩසන් 43/2)


- 036

 


අදහස් (0)

නවසීලන්තය ලකුණු 115 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.