Last Update  :  2025-10-11 19:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ලකුණු 100 ක ජයක්
කාන්තා ලෝක කුසලාන - 2025

නවසීලන්තයට ලකුණු 100 ක ජයක්

editorial - 2025 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නිරවද්‍යතාව මොනවට තහවුරු කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඉන්දියාවේ ගුවහටි නුවර බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 100 ක පහසු ජයක් වාර්තා කළහ. ලකුණු 228 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ඕවර 39.5 අවසන ලකුණු 127 කට දැවී ගියහ. 

මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ 7 වැනි ස්ථානයේ සිටි නවසීලන්ත කණ්ඩායම, 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවත් පසුකරමින් 5 වැනි ස්ථානය දක්වා ඉහළ නැංගේය. ශ්‍රී ලංකාව 7 වැනි තැනට ඇද වැටිණ. 

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්හ. නවසීලන්තයේ ඉදිරිපෙළ පිතිකාරිණියන් වූ සුසී බේට්ස් (29), ජෝර්ජියා ප්ලිමර් (04) සහ ඇමීලියා කර් (01) තිදෙනා කලින්ම දැවී ගියහ. ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී එක්වූ නායිකා සොෆී ඩෙවීන් (63) සහ බෲක් හැලිඩේ (69) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් කණ්ඩායමෙ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. 

බංග්ලාදේශ පන්දු යවන්නියන් ඉතාමත් සාර්ථක තර්ජනයක් එල්ල කළ නමුත් නවසීලන්තයේ පසුපෙළ පිතිකාරිණියන්ගේ දායකත්වය හේතුවෙන් ඕවර 50 නිමාවේදී නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක් දැවී ලකුණු 227 ක් ලබාගත්හ. 

සොෆී ඩෙවීන් පන්දු 85 කට මුහුණ දෙමින් හතරේ පහර 2 කින් සහ හයේ පහර 2 කින් තම ඉනිම සරසද්දී බෲක් හැලිඩේගේ පන්දු 104 ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලැබුණේ භයංකාර ආරම්භයකි. රෝස්මෙරී මයර්, ජෙසී කර් සහ ඇමීලියා කර් තිදෙනා එක්ව බංග්ලාදේශ කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකාරිණියන් තිදෙනාවම ලකුණු 30 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. වෙනත් කණ්ඩායම් මෙන් නොව, වඩාත් පරිණත මෙන්ම වෘත්තීය මට්ටමේ කණ්ඩායමක් වන නවසීලන්ත ක්‍රීඩිකාවෝ එතැන් සිටම බංග්ලාදේශයේ ගෙල සිරකර ගත්හ. 

බංග්ලාදේශයේ අවසන් කඩුලු 5 කට ලකුණු 97 ක් එකතු වූ නමුත් ඉනිම ආරම්භයේදී වැටුණු වලෙන් ගොඩ ඒමට බංග්ලාදේශයට නොහැකි විය. 


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 227 යි
(සුසී බේට්ස් 29, සොෆී ඩෙවීන් 63, බෲක් හැලිඩේ 69, මැඩී ග්‍රීන් 25, ඉසබෙලා ගේස් 12, ලී තාහුහු නොදැවි 12, රබියා ඛාන් 30/3)

බංග්ලාදේශය - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 127 යි
(ෆාතිමා කාතුන් 34, නහීදා අක්තාර් 17, රබියා ඛාන් 25 , රෝස්මරී මයර් 20/2, ජෙසී කර් 21/3, ලී තාහුහු 22/3) 


- 213


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 100 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.