Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු පළාත් පිල අවසන් මහ තරගයට

දකුණු පළාත් පිල අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු පළාත් කණ්ඩායම අද (5 වැනිදා) සමත් විය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 42 කින් වයඹ පළාත් කණ්ඩායම පරාජය කරමින් දකුණු පළාත් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 261 ක ඉලක්කයක් හඹාගිය වයඹ පළාත් කණ්ඩායමට ඕවර 44 ක් අවසානයේ පැවැති මන්දාලෝකය නිසා තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකිව තිබුණේ ලකුණු 207 ක් පමණි. කඩුලු 9 ක් බිඳ වැටී තිබුණ හෙයින් තරගය ජයගැනීමට නම් ඒ වන විට වයඹ පළාත් පිල ලකුණු 250 ක් රැස්කළ යුතුව තිබිණ.

වයඹ පළාත් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිපුන් ධනංජය ලකුණු 45 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු පළාත් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ රවිෂ්ක විජේසිරි (78) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර රවීන් යසස් ලකුණු 42 ක්ද, ධනංජය ලක්ෂාන් ලකුණු 38 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා රවිෂ්කට අනගි සහායක් දුන්හ.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන 7 වැනිදා (ඉරිදා) බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


දකුණු පළාත් කණ්ඩායම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 260
(රවිෂ්ක විජේසිරි 78, රවීන් යසස් 42, ධනංජය ලක්ෂාන් 38, රන්දීර රණසිංහ 46/3, නිපුන් ධනංජය 40/2)

වයඹ පළාත් කණ්ඩායම - ඕවර 44 කදී කඩුලු 9 ක් දැවී 207
(නිපුන් ධනංජය 45, දුලාජ් රණතුංග 38, වනිත වන්නිනායක 32, සමිත දිල්ෂාන් 24, රන්දීර රණසිංහ නොදැවී 22, තිසර දිල්ෂාන් 21/2, රවිෂ්ක විජේසිරි 22/2)

 

(ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි)


අදහස් (0)

දකුණු පළාත් පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.