Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තුන් කොන් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

තුන් කොන් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

Nisanka Sandeepani - 2018 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර නවසීලන්තයේදී පැවැති තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (21 වැනිදා) සමත් විය. ඕක්ලනඞ්හිදී පැවැති ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19 ක ජයක් වාර්තා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 103 ක් පමණක් බැවින් ඕස්ට්‍රේලියානු කණඩායමට ලකුණු 19 ක ජයක් හිමිවිය. ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගත් ඇස්ටන් ඒගර් අවසන් තරගයේ වීරයා බවට පත් වූ අතර තරගාවලිය පුරා ලකුණු අතර රැදී සිටි ග්ලේන් මැක්ස්වෙල් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. 

ඬේවිඞ් වෝනර් (25) සහ ඩි’ආසි ෂෝට් (50) එක්ව පන්දු 48 කදී ලකුණු 72 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 30 කදී වාර්තා වූ ෂෝට්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 23 කදී වාර්තා වූ වෝනර්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. ග්ලේන් මැක්ස්වෙල් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 20 ක්ද, ඒරන් ෆින්ච් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 18 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් රැස්කළ අතර නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රොස් ටේලර් පන්දු 38 කදී නොදැවි ලකුණු 43 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. පන්දු 15 කදී ලකුණු 21 ක් රැස්කළ මාටින් ගප්ටිල් සහ පන්දු 14 කදී ලකුණු 29 ක් රැස්කළ කොලින් මුන්රෝ එක්ව නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙන්වෙනු පන්දු 27 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. 

නවසීලන්ත කණ්ඩාමේ ප්‍රබල පිතිකරුවන් ලෙස සැලකෙන කේන් විලියම්සන්, මාර්ක් චාප්මන් සහ මිචෙල් සෑන්ට්නර් අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කිරීමට දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඇස්ටන් ඒගර් සමත් විය. නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඒගර්ට අනගි සහායක් දුන් කේන් රිචඞ්සන් සහ ඇන්ඩෘ ටේ කඩුලු 2 බැගින් දවාගත්හ. 

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 150 
(මාටින් ගප්ටිල් 21, කොලින් මුන්රෝ 29, රොස් ටේලර් නොදැවී 43, ඇස්ටන් ඒගර් 27/3, කේන් රිචඞ්සන් 30/2, ඇන්ඩෘ ටේ 30/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 14.4 කදී කඩුලු 3 ක් දැවී 121 
(ඬේවිඞ් වෝනර් 25, ඩි’ආසි ෂෝට් 50, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 20, ඒරන් ෆින්ච් නොදැවී 18) 

-036 


අදහස් (0)

තුන් කොන් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.