Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තහනම් උත්තේජක ගත් රයිඩර්ට තරග තහනමක්

තහනම් උත්තේජක ගත් රයිඩර්ට තරග තහනමක්

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවකට වරදකරු වීම නිසා නවසීලන්ත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ජෙසී රයිඩර්ට මාස 6 ක තරග තහනමක් පනවා තිබේ. එහෙත් ජෙසී රයිඩර් පවසන්නේ තමන්ගේ ශරීරයේ බර වැඩිවීම පාලනය කිරීම සඳහා ශක්තිජනක ආහාරය ගත් බවයි.

නවසීලන්තයේ පළාත් තරගාවලියේ තරගයකින් අනතුරුව පැවැති තහනම් උත්තේජක පරීක්‍ෂණයකින් රයිඩර් අසමත් වී තිබේ. මෙම තරගය පවත්වා ඇත්තේ පසුගිය මාර්තු 24 වැනිදාය.

රයිඩර්ගේ ප‍්‍රකාශය විනිශ්චය සභාව විසින් පිළිගන්නා ලද නමුත් ඔහුගේ තහනම ඉවත් කර නැත. කෙසේ වෙතත් ඔහුගේ තහනම ඔක්තෝබර් 19 වැනිදා ඉවත් කිරීමට නියමිතය.

”මෙවැනි වරදක් සඳහා අවම ද`ඩුවම වසර දෙකක තහනමක්”

”ඒත් අදාළ තහනම් උත්තේජක ඔහුගේ ශරීරයට ඇතුළු වී ඇති ආකාරය අනුව තහනම අඩු විය හැකියි. ඔහු එම උත්තේජකය ගෙන ඇත්තේ ඔහුගේ කී‍්‍රඩා හැකියාවන් වර්ධනය කිරීමට නොවේ” යයිද විනිශ්චය සභා වාර්තාවේ සටහන් වේ.

තහනම් උත්තේජක පාලනය කිරීම සඳහා වන නවසීලන්තයේ පිහිටි ප‍්‍රධානම ආයතනය විසින් විනිශ්චය සභා වාර්තාව පිළිගනු ලැබ තිබේ. කෙසේ වෙතත් තමන්ට ලැබුණු පැහැදිළි උපදෙස් පිළිපැදීමට රයිඩර් අසමත් වී ඇතැයි ද කියැවේ.

තහනම් උත්තේජක පාලනය කිරීම සඳහා නවසීලන්තයේ පිහිටි ප‍්‍රධානම ආයතනයත්, නවසීලන්ත කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයත් ඒකාබද්ධව නිරන්තරයෙන්ම කී‍්‍රඩකයන් දැනුම්වත් කිරීමේ වැඩසටන් කි‍්‍රයාත්මක කරයි. රයිඩර්ද එම වැඩසටහන් වලට සම්බන්ධ වී තිබේ.

තරමක් මහත දෙහෙත කී‍්‍රඩකයකු වන මෙම වමත් පිතිකරුවා පසුගිය වසර පුරාම  ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් ඉවත් වී සිටියේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ප‍්‍රශ්න කිහිපයක් නිරාකරණය කරගැනීමේ අටියෙනි.

සිය තරග දිවිය පුරාම සිරුරේ බර පාලනය කිරීම සම්බන්ධයෙන් රයිඩර්ට ගැටළු කිහිපයක් තිබුණු අතර ඇතැම් අවස්ථාවන්හිදී පමණට වඩා බීමත්වීම සහ විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන්ද රයිඩර්ට චෝදනා එල්ල විය.

රයිඩර්, නවසීලන්තයේ ඔටාගෝ ප‍්‍රන්ත කණ්ඩායමට කී‍්‍රඩා කරයි.

මලල කී‍්‍රඩා සහ පාපැදි තරග සමග සැසඳීමේදී කි‍්‍රකට් කී‍්‍රඩාවේ තහනම් උත්තේජන ගැනීම පිළිබඳව වාර්තා වූ අවස්ථා ඉතමත් අල්පය. එහෙත් ලෝකයේ ඉහළම තලයේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් පවා තහනම් උත්තේජන පරීක්‍ෂණ අසමත් වූ අවස්ථා තිබේ.

පාකිස්තානයේ වේග පන්දු යවන්නන් වූ ෂොයිබ් අක්තාර් සහ මොහොමඞ් අසීෆ් දෙදෙනාම තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවනට වරදකරුවන් වූ අතර 2003 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට දිනයක් තිබියදී  තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවනට වරදකරු වූ  ඕස්ටේ‍්‍රලියාවේ සුපිරි දග පන්දු යවන්නා වූ ෂේන් වෝන් කණ්ඩායමෙන් ඉවත් කර නැවතත් සියරට බලා යැවීය.

2011 ලෝක කුසලාන තරගාවලියේදී තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංගද තරගාවලියෙන් පසුව මාස කිහිපයක තහනමකට ලක්විය.


අදහස් (0)

තහනම් උත්තේජක ගත් රයිඩර්ට තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.