Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තර්ස්ටන් - ඉසිපතන දෙවිදුහල් අතර 54 සහෝදරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දි ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. අද පස්වරු තේ පානයෙන් පසුව තර්ස්ටන් විදුහල කඩුලු 7ක් දැවී ලකුණු 131ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවූයේ ලකුණු 219ක ඉලක්කයක් ඉසිපතන විදුහල වෙත ලබා දෙමිනි. තරගය නිමාවට පත්වෙද්දී තර්ස්ටන් විදුහලේ පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට හසුවූ ඉසිපතන විදුහල් පිලේ කඩුලු 6ක්ම ලකුණු 68කට බිඳ වැටී තිබියදී තරගය නිමාවට පත්විය.
ඉසිපතන විදුහලේ පිතිකරුවන් අසරණ කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරතවූ තර්ස්ටන් විදුහල් පිලේ සුපිරි දඟපන්දු යවන්නා වන නවීන් ගුණවර්ධන කඩුලු 3ක් දවාලීය. ඔහු තරගය පුරා කඩුලු 8ක් දවාගැනීමට සමත්විය. ඔහුට අනගි සහයක් දුන් තුෂාල් මධුසංඛ බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 2කි.
තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය නිමාවනවිට කඩුලු 3ක් දැවී ලකුණු 78ක් ලබා සිටි ඉසිපතන විදුහල් පිලේ ඉතිරි කඩුලු 7ම අද දිවා ආහාරයට පෙර ඕවර 21කුත් පන්දුවකදී දවාලීමට සමත්වූයේ නවීන් ගුණවර්ධන සහ නායක චරන නානායක්කාරය.
දෙපිල අතර මහා ක්‍රිකට් තරගයට එක්වෙද්දී මෙවර පාසල් තරග වාරයේ තරග 11කදී කඩුලු 70ක් ලබා සිටි තර්ස්ටන් විදුහලේ ප්‍රබලතම දඟ පන්දු යවන්නා වන නවීන් ගුණවර්ධන ඉසිපතන විදුහල් පිලේ කඩුලු 5ක් උදුරා ගැනීමට සමත්වූ අතර චරන නානායක්කාර බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 4කි.
අද දිවා ආහාරයට මොහොතකට පෙර ඉසිපතන විදුහල් පිලේ පළමු ඉනිම ලකුණු 141කට සීමා කළ තර්ස්ටන් විදුහල් පිලේ පන්දු යවන්නන් සිය පිතිකරුවන්ට ලකුණු 150ක පළමු ඉනිමේ වාසියක් ද අත් කර දුන්හ.
අනතුරුව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ තර්ස්ටන් විදුහල් පිලේ මුල් පෙළ කඩුලු 4ක් අහිමිවූවත් ඉනිම ගොඩනැගීමේ වගකීම කරපින්නා ගත් චරන නානායක්කාරගේ විශිෂ්ට පිතිහරඹය මත අද පස්වරු තේ පානයට මොහොතකට පෙර තර්ස්ටන් විදුහල් පිල සිය දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 131ක් ලබා අත්හිටුවූයේ ජයග්‍රහණය සඳහා ඉසිපතන විදුහලට ලකුණු 219ක ඉලක්කයක් ලබා දෙමිනි.
පළමු ඉනිමේ තර්ස්ටන් පිලේ ගැලවුම් කාරයා බවට පත්වූ චරන නානායක්කාර දෙවැනි ඉනිම ද ගොඩ නගමින් ලකුණු 55ක් රැස් කිරීමට සමත්විය. තර්ස්ටන් විදුහල් පිලේ මුල්පෙළ පිතිකරුවන් පළමු ඉනිමේ දී අසරණ කළ නෙරන්ජන් වන්නිආරච්චි දෙවැනි ඉනිමේදිත් කඩුලු 3ක් සොරා ගැනීමට සමත්විය.
තර්ස්ටන් විදුහල - පළමු ඉනිම 228යි.
(කසුන් අබේරත්න 43, චරන නානායක්කාර 58, නවෝද් සමරකෝන් 34, නිමේෂ් ලක්ෂාන් 33, නිපුන් ලක්ෂාන් 26, නෙරන්ජන් වන්නිආරච්චි 66/3, ළහිරු ඩිල්ෂාන් 53/3, හේෂාන් ප්‍රනාන්දු 19/2)
ඉසිපතන විදුහල - පළමු ඉනිම - 141යි.
(හර්ෂ රත්නායක 16, කළණ පෙරේරා 20, හේෂාන් ප්‍රනාන්දු 10, සංජුල අබේවික්‍රම 27, චරන නානායක්කාර 71/1, නවීන් ගුණවර්ධන 33/5)
තර්ස්ටන් විදුහල දෙවැනි ඉනිම - 131/7යි. (ඉනිම අත්හිටුවන ලදි)
(චරන නානායක්කාර 55, නෙරන්ජන් වන්නිආරච්චි 58/3, අයේන සිරිවර්ධන 30/3)
ඉසිපතන විදුහල - දෙවැනි ඉනිම 68/6යි.
(නවීන් ගුණවර්ධන 31/3, තුෂාල් මධුසංඛ 22/2)
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.