Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට

චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට

ශනුක අරවින්ද - 2017 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජූලි මාසයේදී පැවැති එක්දින තරගාවලියේදීද චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය. ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ඉනිම් 4 ක් ක්‍රීඩා කළ චන්දිමාල්ට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවන් 5 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනෙක්, දඟ පන්දු යවන්නන් සිවු දෙනෙක් සහ වේග පන්දුයවන්නන් තිදෙනෙක් ඇතුළත්ව සිටිති.

ටෙස්ට් තරගාවලයට සහභාගි වූ වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සහ වේග පන්දුයවන විෂ්ව ප්‍රනාන්දු පළමු වරට එක්දින සංචියට කැඳවා ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරාද කලකට පසු නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

මේ අතර විවිධ ආබාධ තත්ත්වයන්ට ලක්ව සිටීම හේතුවෙන් අසේල ගුණරත්නට, කුසල් ජනිත් පෙරේරාට සහ නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලියේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවී ඇත.

උපුල් තරංග මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර තවමත් කණ්ඩායට උප නායකයකු නම් කර නොමැත. තම කණ්ඩායම සමබන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන ලෙස තරගාවලිය ආරම්භ වීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් තරංග කියා සිටියි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“සෑම කණ්ඩායමක්ම නොයෙක් වූ පසුබෑම් වලට මුහුණ දෙනවා, එය ලෝකයේ සෑම කණ්ඩායමකටම අදාල වන න්‍යායයක්. කොතරම් දක්ෂ කණ්ඩායමක් වුවත් එවැනි පසුබෑම් වලට විටින් විට මුහුණ දීමට සිදුවෙනවා.”

“උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු අපට විවෘතව කථා කළ නොහැකියි, නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා. කෙසේ වුවත් එහි ධනාත්මක බලපෑම මතුපිටින් පෙනීමට තව යම් කාලයක් ගතවේවි. ඉතින් මම කියා සිටින්නේ මදක් ඉවසා සිටින්න, වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න.”

“ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්ය නගා සිටුවීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන සහයොගය ඉතාමත් වැදගත් වෙනවා. අප ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන්, අපගේ එකම අරමුණ මිලියන විස්සකට අධික ශ්‍රී ලාංකිකයන් හට ආඩම්බරයක් රැගෙන ඒමයි. ඉතින් ඒ සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යම මොහොතයි මේ. ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටින ආයාචනය මෙයයි. අම්මේ, තාත්තේ, අක්කේ. අයියේ, නංගි, මල්ලි, අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමග රැදී සිටින්න. යළිත් සිංහයන් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න.”

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ මස 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද, දෙවැනි (24 වැනිදා) සහ තෙවැනි (27 වැනිදා) තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද, සිවුවැනි (31 වැනිදා) සහ පස්වැනි (සැප්තැම්බර් 3 වැනිදා) තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. විස්සයි20 තරගය (සැප්තැම්බර් 6 වැනිදා) පැවැත්වෙන්නේද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීමය.

ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ විෂ්ව ප්‍රනාන්දු

 

-036

 


අදහස් (3)

චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.