Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ‘එෆ්. 2 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ හර්ෂන ගොඩමාන්න අද (30 වැනිදා) සමත් විය. ඒ අනුව ඔහු හෙට (31 වැනිදා) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ඇමරිකානු ක්‍රීඩක නිකලස් බයිබල්ට එරෙහිව තරග වැදීමට නියමිතය.
ඉතා තියුණු තරගයකින් අනතුරුව පලමු වටයේ තරගයකදී වට 2-1 ක් ලෙස (7/5, 2/6, 7/5) ඉතාලි ක්‍රීඩක ෆැබි්‍රසියෝ ඔර්නාගො පරාජය කරමින් දෙවැනි වටයට පැමිණි ගොඩමාන්න, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ එහිදී වට 2-1 ක් ලෙස (6/4, 4/6, 6/4) ඉන්දීය ක්‍රීඩක අභිනව් සංජීව් පරාජය කරමිනි.
ෆැබ්‍රිසියෝ ඔර්නාගො ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 582 වැනි ස්ථානයේ පසුවන අතර අභිනව් සංජීව් එහි 1572 වැනි ස්ථානයේ පසුවෙයි.
මෙම තරගාවලියට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් දෙවැනි වටයට පැමිණීමට හැකි වූයේ ශාමල් දිසානායකට පමණි. පළමු වටයේ තරගයකදී බ්‍රසීල ක්‍රීඩක ජෝදාන් කොරියා හමුවේ වට 1-0 ක ජයක් අත්කර ගනිමින් ඔහු දෙවැනි වටයට සුදුසුදුකම් ලබාගත්තේය. එම තරගයේ පළමු වටය ලකුණු 6/3 ක් ලෙස ජය ගැනීමට ශාමල් සමත් විය. දෙවැනි වටය ආරම්භ වීමට පෙර ඇති වූ අබාධ තත්ත්වයක් හේතුවෙන් ජෝදාන් කොරියා තරගයෙන් ඉවත් වීමත් සමග ශාමල්ට තරගයේ ජය හිමිවිය.
කෙසේ වුවත් දෙවැනි වටයේ තරගයකදී ස්පාඥ්ඥ ක්‍රීඩක මාරියෝ මාරිටිනස් හමුවේ වට 2-0 ක් ලෙස (6/4, 6/4) පරාජයට පත්වීම නිසා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ශාමල්ගෙන් ගිලිහී ගියේය.
පළමු වටයේ තරග වලදී රුසියානු ක්‍රීඩක මිඛායිල් කොරොවින් හමුවේ වට 2-0 ක් ලෙස (6/1, 6/3) පරාජය වීම නිසා නිෂාංගන් නඩරාජාටද, ස්පාඥ්ඥ ක්‍රීඩක මාරියෝ මාරිටිනස් හමුවේ වට 2-0 ක් ලෙස (6/0, 6/2) පරාජය වීම නිසා යසිත ද සිල්වාටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූහ.
තරගාවලියේ යුගළ අංශයේ තරග වලදී ඉන්දියාවේ චන්ද්‍රිල් සූද් සහ ලක්ෂිත් සූද් හමුවේ යසිත ද සිල්වා සහ නිෂාංගන් නඩරාජා වට 2-0 ක් ලෙස (6/3, 6/4) පරාජයට පත් වූ අතර ඉන්දියාවේ අනිරුධ් චන්ද්‍රසේකර් සහ සිද්ධාර්ත් රාවත් හමුවේ සංඛ අතුකොර්ල සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් වට 2-0 ක් ලෙස (7/6, 7/5) පරාජයට පත් වූහ.
ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය අනිද්දා (2 වැනිදා) අවසන් වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.