Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අනිද්දා (3 වැනිදා) ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වේ. එහිදී වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව අපරාජිත ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් කාන්තා ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් 9 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර අවසන් තරගයට පිවිසි අවස්ථා 8 න් 6 කදීම ශූරතාව දිනාගැනීමට ඔවුහු සමත් වූහ. කාන්තා ලෝක කුසලාන තරගාවලි 4 කදී ශූරතාව දිනා ඇති එංගලන්ත කණ්ඩායම, අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් 8 වැනි අවස්ථාව මෙය විය.
අවසන් වරට පැවැති (2017) ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම මෙහෙයවූ හීදර් නයිට්, මෙවරද එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන්නීය. මෙවර ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ මෙග් ලැනින් විසිනි.
මෙවර තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරග 7 ම ජය ලබා ලකුණු 14 ක් හිමිකරගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම, එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 157 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගතතේය.
මූලික වටයේ අවසන් දිනය දක්වාම අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කරගෙන නොසිටි එංගලන්තය, අවසන් දිනයේදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. එංගලන්තය අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී ලකුණු 137 කින් දකුණු අප්‍රිකාව පරාජය කරමිනි.
මේ දක්වා පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලි 11 න් 6 කදීම (1978, 1982, 1988, 1997, 2005 සහ 2013) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව ඇති අතර එංගලන්තය අවස්ථා 4 කදී (1973, 1993, 2009 සහ 2017) ඊට හිමිකම් කියා ඇත. අනෙක් තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබ ඇත්තේ නවසීලන්තය (2000) විසිනි.
මෙවර තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරග වැදුණ අවස්ථාවේදී ලකුණු 12 කින් එංගලන්තය පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. කෙසේ වුවත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කාන්තා ලෝක කුසලාන අවසන් මහ තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වදින්නේ වසර 34 කට පසුය.
1973 වසරේදී පැවැති සමාරම්භක කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සිට 1978, 1982 සහ 1988 දක්වා පැවැති ලෝක කුසලාන තරගාවන්හිදී අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට පත්ව ඇත්තේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවය. ඉන් 1973 ලෝක කුසලාන දිනාගැනීමට එංගලන්තය සමත් වෙද්දී සෙසු තරගාවලි 3 හිම ශූරතාව දිනාගනු ලැබ ඇත්තේ ඕස්ට්‍රේලියාව විසිනි..
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.