Last Update  :  2024-05-11 10:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක්දින කණ්ඩායමේ නායකත්වය කපුගෙදරට

එක්දින කණ්ඩායමේ නායකත්වය කපුගෙදරට

Nisanka Sandeepani - 2017 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

උපුල් තරංග තරග දෙකක තහනමකට ලක්විම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි තරග දෙක සදහා නායකත්වයේ වගකීම චාමර කපුගෙදර හට පැවරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවූ 20 වැනි ක්‍රීඩකයා වීමට කපුගෙදර සමත්විය.

මේ අනුව 27 වැනිදා පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී සහ 31 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී කණ්ඩායම මෙහෙයවීමට කපුගෙදරට සිදුවනු ඇත.

එක්දින තරග 100 කට ක්‍රීඩා කර ඉනිම 82 කදි අර්ධ ශතක 8 ක් සමගින් ලකුණු 1592 ක් රැස්කර ඇති කපුගෙදරගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 21.22 කි.

 


අදහස් (1)

එක්දින කණ්ඩායමේ නායකත්වය කපුගෙදරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.