ශී‍්‍ර ලංකාවේ කනිෂ්ඨ කි‍්‍රකට් කී‍්‍රඩකයන් ලෝකයේ සිටින දක්‍ෂතම කි‍්‍රකට් කී‍්‍රඩකයන් බවත්, ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද පරීක්‍ෂණයකදී ශී‍්‍ර ලංකාවේ කනිෂ්ඨ කි‍්‍රකට් කී‍්‍රඩකයන් ලෝකයේ පළමු ස්ථානයට පැමිණි බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ආනා පුංචිහේවා මහතා පවසයි.
සන්ඬේ ටයිම්ස් පුවත් පත සහ බාටා සමාගම අනුග‍්‍රහයෙන් පැවැත්වෙන වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ වාර්ෂික සම්මාන උළෙලේදී ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් පුංචිහේවා මහතා මේ බව පැවසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ‘සන්ඬේ ටයිම්ස්’ - බාටා වාර්ෂික කි‍්‍රකට් සම්මාන උළෙලේදී ආනා පුංචිහේවා මහතා විසින් කරන ලද කතාව සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.
බාටා සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ විකාස් ආනන් මහතාණෙනි, විජය පුවත් පත් සමාගමේ අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන මහතාණෙනි, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වන හේමක අමරසූරිය මහතාණෙනි, ගෞරවනීය අමුත්තනි,......
මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් බාටා ආයතනයට සහ විජය පුවත්පත් සමාගමට පළමුවෙන්ම මා ස්තූතිවන්ත වෙනවා.
ඔබ සියලූදෙනාම, ඔබලාට හිමි සම්මාන ලබාගැනීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටින බව මා දන්නවා. එමනිසා මා වැඩිදුර කතාකිරීමට බලාපොරොත්තු වන්නේ නෑ. වැඩසටහනේ මගේ කතාවට විනාඩි 20 ක් පමණ වෙන්වී තිබුණත් විනාඩි 5 කට වඩා කතාකිරීමට මා බලාපෙරොත්තු වන්නේ නෑ.
පළමුවෙන්ම මා කැමතියි මෙහි සිටින තරුණ කී‍්‍රඩකයින්ගේ සිත්වල එක විශ්වාසයක් නැතිනම් සිතුවිල්ලක් ඇතිකරන්න. ඒ තමයි ඔබ හොඳම අය කියන එක. පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් ඔබ හුඟක් දේවල් කරලා තියනවා. 1995 වසරේ, මා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වී සිටි සමයේදී, ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට හදුන්වාදුන් දර්ශනය ඔබලාට මතක් කරන්න මා කැමතියි.
එදා මා කියා සිටියා 2000 වසර වන විට ශ්‍රී ලංකාව තමයි ලෝකයේ හොඳම කි‍්‍රකට් කණ්ඩායම වන්නේ කියා. එවිට හැමෝම මට හිනාවුණා. ඒ මන්ද යත් ඒ වන විට අපි හිටියේ ලෝක කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් වල 10 වැනි ස්ථානයේ. අපට පහළින් සිටියේ සිම්බාබ්වේ දේශය පමණයි. ඒ කාලයේ බංගලාදේශය පවා ටෙස්ට් කි‍්‍රඩාවේ නිරතවී සිටියේ නෑ.
අපි ආසියාවේ පළමු වැනියාවත් නොවී සිටි කාලයක ඇයි මං එහෙම කිව්වේ. එක හේතුවක් නිසා. ඒ තමයි මා හැමවෙලේම විශ්වාස කළා අපේ කී‍්‍රඩකයන් ලෝකයේ සිටින අනෙකුත් කී‍්‍රඩකයෙන් වගේම හුඟක් දක්ෂයි කියලා.
නමුත් ඒ කාලයේ අපේ කී‍්‍රඩකයන්ට අනිකුත් කණ්ඩායම් පරාජය කරන්න බැරිවුණා. දකුණු අපි‍්‍රකාව, එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව්ව වැනි රටවල් පරාජය කරන්න ඔවුන්ට නොහැකි වුණා.
එත් මං එහෙම ඔවුන් දක්ෂ බව කියා සිටියේ ඔවුන්ට ඔවුන් කෙරෙහි ආත්ම විශ්වාසයක් ඇති කරන්නයි. ඒ වගේම මගේ අරමුණ ළ`ගා කරගන්න ඉදිරි වසර 5 සඳහා පැහැදිළි දැක්මක් සහ ස්ථිර සැලැස්මක් හදන්නත් මට ඕනෑකම තිබුණා.
1996 දී ඉන් එක් ඉලක්කයක් අපි ළඟා කරගත්තා. ඒත් තවත් ඉලක්ක කිහිපයකට යන්න අපට බැරි වුණා. ඒවාට විවිධ හේතු තියෙනවා. ඒ මොනවා වුණත්, මා විශ්වාස කරනවා අපේ රටේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් තමයි ලෝකයේ සිටින දක්‍ෂතම පාසල් කී‍්‍රඩකයන් කියලා. ඒකට හේතුව තමයි 1994 දී ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් විශ්ව විද්‍යාලය මගින් ලෝකයේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන රටවල වයස 14 න් පහළ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ පරික්ෂණයක් පැවැත්වුවා. ශ්‍රී ලංකාව තමයි ඉන් පළමු ස්ථානයට පත්වූයේ.
ඒ අනුව ඔබලා පූර්ණ වශයෙන්ම දක්ෂ බවත්, ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වන රටවල් අතරේ ඔබලා ඉදිරියෙන්ම සිටින බවත් එහිදී පෙන්වාදී තිබෙනවා.
නමුත් ඔබ දන්නවා, අපිට වැඩි දුරක් යන්න, අපේ දක්ෂතා විතරක් මදි. දෙවියන් ඔබට එම දක්ෂතාව ලබාදී තිබෙනවා. ඒත් එය රැකගැනීමට නම් ඔබට හුගක් මහන්සිවී වැඩකරන්න සිදුවෙනවා. පළමුවෙන්ම ශ්‍රී ලංකාවෙත්, පසුව සමස්ත ලෝකයේත් දක්ෂතම පිතිකරු, පන්දුයවන්නා, කඩුලූ රකින්නා බවට පත්වීමට නම් ඔබගේ දක්ෂතාව ඔබ තවදුරටත් වර්ධනය කරගත යුතුයි.
ප‍්‍රධානම දෙය වන්නේ ඔබ ඔබ කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමයි. එවිට මුලූ ලෝකයම ඔබගෙයි. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔබට ලබාගත හැකියි. ඒ වගේම ඔබ හුගක් ධනාත්මක, ඒ කියන්නේ සුබවාදී විය යුතුයි.
”මම කළ යුතුයි...! මට කරන්න පුළුවන්...!!, මට කරන්න පුළුවන් වේවි...!!!” වගේ අදහස් වෙනුවට හැම වෙලේම කියන්න ”මම කරනවාමයි කියලා”
මතක් කරන්න ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඔබාමා කියූ දෙය. ”මම දිනනවාමයි” කියා ඔහු කියා සිටියා. ඉන් පසුව ලොව බලවත්ම රට වන ඇමරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති වරයා බවට පත්වී, ඔහු ඇමරිකානු ඉතිහාසය වෙනස් කළා.
නමුත් කවුරුත් හිතුවෙනෑ ඔහු එය කරයි කියලා. ඔහුගේ තරුණ වයසේ පටන් ඔහුගේ හිතේ තිබුණ දෙයක් තමයි ඔහු එලෙස සැබෑ කරගත්තේ. ඒ ගැන ඔහුට හොඳ විශ්වාසයක් තිබුණා.
ඒ නිසා මං අවසාන වශයෙන් කියන්නෙත් ඔබ ඔබව විශ්වාස කරන්න එවිට ඔබට කළ නොහැක්කක් නැති වේවි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.