ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කරගනිමින් කී‍්‍රඩකයන් 27 දෙනකුගෙන් සමන්විතව ජාතික සංචිතය නම් කරනු ලැබ ඇත. මෙම සංචිතයට ඇතුළත් කර සිටින කී‍්‍රඩකයන් 27 දෙනා අතුරින් කී‍්‍රඩකයෝ 8 දෙනෙක් නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව තරග කිරීම සඳහා තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයටද දැනටමත් ඇතුළත් ව සිටිති.
කෙසේ වෙතත් සිම්බාබ්වේ සංචාරය සඳහා ජාතික කණ්ඩායම තේරීමේදී ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට වඩා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් ජාතික සංචිතයට එක්වූ කී‍්‍රඩකයන්ට අවස්ථාව දීමට තේරීම් කමිටු නිලධාරීහු අදහස් කර සිටිති.
එම අවස්ථාව හිමිවියහැකි කී‍්‍රඩකයන් අතර දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කිත්රුවන් විතානගේ, සචිත‍්‍ර සේනානායක, ඩිල්රුවන් පෙරේරා සහ කෝසල කුලසේකර වැනි කී‍්‍රඩකයන් ඉදිරියෙන්ම සිටින බවද දැනගන්නට තිබේ.
මෙම සංචාරය සඳහා වි:20 තරග දෙකක්, එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ.
සිම්බාබ්වේ සංචාරය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය
තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, උදාර ජයසුන්දර, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, සචිත‍්‍ර සේරසිංහ, අශාන් පි‍්‍රයංජන, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, විමුක්ති පෙරේරා, නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, කෞෂාල් සිල්වා, කෝසල කුලසේකර, කෞෂාල් ලොකුආරච්චි සහ ඉසුරු උදාන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.