එක්දින තරග 5 කින් සහ ටෙස්ට් තරගයකින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම මේ මස 26 වැනිදා දිවයිනට පැමිණෙයි.
තරගාවලියේ පළමු එක්දින තරග 2 ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉතිරි එක්දින තරග 3 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර 17 කට පසුව වන අතර අවසන් වරට එහිදී එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2000 වසරේ ජූලි මාසයේදීය. එම තරගයෙන් දකුණු අප්‍රිකාව පරදවා ලකුණු 37 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරගය කුමාර් සංගක්කාරගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය වූ අතර ඔහු එම තරගයේදී ලකුණු 85 ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තේය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද වසර දෙකකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා නැත.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ වසර 4 කට පෙරය. 2013 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති එම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට කඩුලු 7 ක ජයක් අත්විය. රංගන හේරත් ලකුණු 157 කට කඩුලු 12 ක් දවාගනිමින් තරගයේ වීරයා විය.
| දිනය | තරගය | ක්‍රීඩාංගණය |
| ජුනි 30 | 1 වැනි එක්දින තරගය | ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය |
| ජූලි 2 | 2 වැනි එක්දින තරගය | ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය |
| ජූලි 6 | 3 වැනි එක්දින තරගය | හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය |
| ජූලි 8 | 4 වැනි එක්දින තරගය | හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය |
| ජූලි 10 | 5 වැනි එක්දින තරගය | හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය |
| ජූලි 14 - 18 | ටෙස්ට් තරගය | කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.