කුමාර් සංගක්කාරගේ විශිෂ්ට අර්ධ ශතකයත්, පන්දු 6 කින් ලකුණු 29 ක් ලබාගත් ඔන්ඩි‍්‍ර රසල්ගේ ප‍්‍රහාරාත්මක ඉනිමත් නිසා බටහිර ඉන්දීය දුපත් සමූහයේදී පැවැත්වෙන විස්සයි/20 ලීග් (සී. පී. එල්) තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැමෙයිකා තලවාස් පිල සමත් විය.
සිකුරාදා (23 වැනිදා) පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී බාර්බඩෝ්ස් ට‍්‍රයිඩන්ට්ස් පිලට එරෙහිව ල
කුණු 149 ක ඉලක්කයක් කරා යාමේදී කි‍්‍රස් ගේල් ලකුණු 3 කට දැවී ගිය නමුත් ආරම්භක පිතිකරු චැඞ්වික් වෝල්ටන් සමග එක්ව ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සංගක්කාර, ජැමෙයිකානු තලවාස් පිල ජයග‍්‍රහණයේ මාවතට ගෙන ආවේය.
වෝල්ටන් පන්දු 40 කින් ලකුණු 45 ක් ලබා දුවද්දී දැවී ගියේය.
වෝල්ටන් දැවී යාමෙන් පසුව තරගයේ ජයග‍්‍රහණය සඳහා ජැමෙයිකානු පිලට පන්දු 20 කදී ලකුණු 32 ක් අවශ්‍ය වූ නමුත් පිට පිටම ගැසූ හයේ පහර 3 ක් ද සමග පන්දු 6 කින් ලකුණු 29 ක් උදුරාගත් ඔන්ඩි‍්‍ර රසල් සහ පන්දු 38 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර දෙකක්ද සමගින් නොදැවී ලකුණු 50 ක් ලබාගත් සංගක්කාර ජැමෙයිකානු තලවාස් පිල ජයටැඹ දක්වාම කැඳවාගෙන ගියහ.
තරගාවලියේ අවසන් කොටසේදී ජැමෙයිකානු තලවාස් පිලට එක්වූ සංගක්කාර අවසන් පූර්ව තරගයේ වීරයා සම්මානය දිනාගැනීමටද සමත් විය.
බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 148
(රේමන්ඩ රේෆියර් 36, ෂොයිබ් මලික් 49, කරන් පොලාර්ඞ් 13, අසාර් මොහොමඞ් 14, කයිල් මේයර්ස් නොදැවී 12, වර්නන් පිලැන්ඩර් 28/2)
ජැමෙයිකානු තලවාස් ඕවර 18.3 කදී කඩුලූ 3 ක් දැවී 152
(චැඞ්වික් වෝල්ටන් 45, කුමාර් සංගක්කාර නොදැවී 50, ඩැන්සා හයාත් 12, ඔන්ඩි‍්‍ර රසල් නොදැවී 29, අසාර් මහමුද් 37/2)
ඡායාරූප:
සී. පී. එල්. නිල වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.