Last Update  :  2026-04-22 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආබාධ රැසක්
නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආබාධ රැසක්

editorial - 2026 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දීර්ඝ රග්බි සමයකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනකුටම ඇතිවී තිබෙන ශාරීරික ආබාධ කිහිපයක් හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු තරගය සඳහා තෝරාගන්නා ලද කණ්ඩායම යම් තරමකට දුර්වල වී තිබේ. පළමු තරගය සඳහා නම්කරන ලද සංචිතයට ක්‍රීඩකයන් 26 දෙනකු ඇතු-ළත්වන නමුත් ඔවුන් අතර සිටින ශාමික කෞෂාන් සහ ඔමල්ක ගුණරත්න දෙදෙනාත් ආබාධ වලට මුහුණ දී සිටිති. 

මහනුවර ක්‍රීඩා සමාජයේ හෙෂාන් ජැන්සන් සහ ඩිනාල් ඒකනායක දෙදෙනාම තුවාල ලබා සිටීම නවසීලන්ත ක්‍රීඩකයන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති බරපතළම අවාසියයි. මැලේසියානු රග්බි කණ්ඩායමක් වූ ජොහොර් ටයිගර්ස් පිලට එරෙහිව පසුගිය සතියේ පැවැති තරගයේදී ඩිනාල් ඒකනායක දණහිසේ ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් ඩිනාල් ඒකනායක මාසයක පමණ කාලයක් රග්බි පිටියෙන් ඉවත්ව සිටිය යුතු බව වෛද්‍ය නිර්දේශය වී තිබේ. 

තවත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් සත් සාමාජික රග්බි ක්‍රීඩාව කෙරේ වැඩි අවධානයක් යොමු කරමින් සිටිති. ආසියානු සත් සාමාජික තරගාවලිය මෙන්ම ජපානයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඔව්හු සූදානම් වෙමින් සිටිති. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායම අතර පළමු තරගය මේ මස 25 වැනිදා රාත්‍රී 7.00 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී (පැරණි තුරඟ තරග පිටිය) පැවැත්වේ. දෙවැනි තරගය මැයි මස 3 වැනිදා පස්වරු 4.00 ට නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

 


ශ්‍රී ලංකා කණ්ඩායම
ලසිඳු කරුණාතිලක (නායකයා), තරිඳු චතුරංග (උප නායකයා), දේශාන් විමුක්ති, පුලස්ති දිසානායක, හංසිත ද සිල්වා, තිළිණ බණ්ඩාර, නවීන් මාරසිංහ, ලහිරු තිලකරත්න, හර්ෂ මධුරංග, මුර්ෂිඩ් සුබීර්, දිලුක්ෂ දංගේ, ආකාෂ් මධුශංක, තේනුක නානායක්කාර, ජනිඳු ඩිල්ෂාන්, යුවාන් පතිරණ, ගයන්ත ඉද්දමල්ගොඩ, ශාමික කව්ෂාන්, වෙනුර කෝදාගොඩ, චරිත් සිල්වා, නිසල් සිල්වා, ඔමල්ක ගුණරත්න, දහම් හේමචන්ද්‍ර, විධුන අමනෙත්, මනිල්ක රුබේරු, ජයතු රාජරත්න සහ ඔලිවර් බකල්.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආබාධ රැසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.