Last Update  :  2025-11-06 17:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරතාව රැකගැනීමට ශ්‍රී ලාංකිකයෝ පිටත්ව යති

ශූරතාව රැකගැනීමට ශ්‍රී ලාංකිකයෝ පිටත්ව යති

editorial - 2025 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ වත්මන් ශූරයන් වන ශ්‍රී ලංකාව, 2025 තරගාවලියේදීත් සිය ශූරතාව රැකගැනීමේ අරමුණෙන් හොං කොං බලා පිටත්ව ගියේය. තරගාවලිය මේ මස 7, 8 සහ 9 දිනවලදී හෙං කොං හිදී පැවැත්වෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ ශූරතාව දිනාගත් ක්‍රීඩකයින් 7 දෙනාගෙන් සමන්විතය. ළහිරු මධුශංක (නායකයා), තනුක දාබරේ, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක, ලහිරු සමරකෝන් සහ නිමේෂ් විමුක්ති ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙති. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා කණ්ඩායමේ කළමණාකරු ලෙසින් සංචාරයට එක්වෙයි. ශ්‍රී ලංකාව ශූරතාව දිනාගත් පසුගිය වසරේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වූයේ ද දොඩන්වෙල මහතාය. 

තරගාවලියට කණ්ඩායම් 12 ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ සත්කාරක හොං කොං රාජ්‍යය ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරති. 


ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන

7 වැනිදා - පෙ.ව. 9.25 ට හොං කොං පිලට එරෙහිව
7 වැනිදා - ප.ව. 12.10 ට බංග්ලාදේශයට එරෙහිව
8 වැනිදා - ප.ව. 1.05 ට එංගලන්තයට එරෙහිව පළමු අර්ධ අවසන් පූර්ව තරගය


අදහස් (0)

ශූරතාව රැකගැනීමට ශ්‍රී ලාංකිකයෝ පිටත්ව යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.