Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 22 කට පසුව පැවැත්වෙන කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරගාවලිය අල්ටෙයර් හෝටල් සමාගම් අනුග්‍රහයෙන් මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා බොරැල්ල ගොල්ෆ් ක්‍රීඩංගණයේදී පැවැත්වේ.
විවෘත තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියට දිවයිනේ සියලුම ගොල්ෆ් ක්‍රීඩකයන්ට සහභාගි විය හැකි අතර මේ වන විටත් ක්‍රීඩකයන් 100 කට ආසන්න පිරිසක් මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටිති.
පළමු දින දෙක තුළදී තරගාවලියේ මූලික වටය පැවැත්වෙන අතර අවසන් දින දෙකේදී දක්ෂතම ක්‍රීඩකයන් 30 දෙනා පමණක් ක්‍රීඩා කරනු ඇත. ආසියානු ක්‍රීඩා රිදී පදක්කම්ලාභී නන්දසේන පෙරේරා මහතාගේ පුත් මිතුන් පෙරේරා, අනුර රෝහණ, ප්‍රභාකරන් සහ ටී. තංගරාජා මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අතර සිටින වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයෝ වෙති.
1970 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරගාවලිය වෘත්තියමය ක්‍රීඩකයන්ට මෙන්ම නවක ක්‍රීඩකයන්ටද විවෘත තරගාවලියකි. වට හතරකින් සමන්විත වූ එය වසරේ ගොල්ෆ් ශූරයා සෙවීමේ තරගාවලිය ලෙසද හැදින්විණ.
ආරම්භක වසර තුනේදීම මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාජකීය කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සාමාජික එච්. එල්. ප්‍රේමදාස මහතා සමත් වූ අතර ලංකාවේ හොඳම ගොල්ෆ් ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන නන්දසේන පෙරේරා මහතා හත් වරක්ම මෙම තරගාවලියේ ශූරතාව තමා සතු කරගෙන තිබේ.
ක්‍රීඩා සමාජයේ එකල නවකයන් වූ ෆෙරෝස් බිලිමෝරියා සහ රුසි කැප්ටන් අවස්ථා දෙකකදී එම ශූරතාව හිමි කරගත්හ. 1995 වසරේදී අවසන් වරට පැවැති තරගාවලියේ ශූරතාව හිමිකරගනු ලැබුවේ තිස්ස චන්ද්‍රදාස විසිනි. 1995 න් පසුව නොවැලැක්විය හැකි හේතු නිසා මෙම තරගාවලිය අඛණ්ඩව පැවැත්වීමට නොහැකි වී තිබේ.
අල්ටෙයාර්හි වෙළෙඳ සහ අළෙවි ප්‍රධානී ජේ. ඩයස් මහතා, කොළඹ රාජකීය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ නායක රනිල් පතිරණ මහතාට අනුග්‍රහක චෙක්පත ප්‍රදානය කළ අවස්ථාව... |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.