Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේධානිට 13 - තරුෂිට 16

මේධානිට 13 - තරුෂිට 16

editorial - 2021 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ක්‍රීඩිකා මේධානි ජයමාන්න මීටර 200 ඉසව්ව සඳහා කළ වේගවත්ම කාලය වාර්තා  (තත්පර 23.95) කළද නයිරෝබි නුවරදී පැවැත්වෙන කනිෂ්ඨ ලෝක ශූරතාවලියේ අවසන් තරගය ඇයට මඟහැරී ගියේය.

අද (20 වැනිදා) ඇය ධාවනයේ නිරත වූ අවසන් පූර්ව තරගයේ පළමු අදියරේ ක්‍රීඩිකාවන් දෙදෙනකුට පමණක් අවසන් තරගයේ අවස්ථාව හිමි වූ අතර මේධානි අද උදෑසන අවසන් පූර්ව වටයට නිර්දේශ ලබා ගත්තේ තත්පර 24.01 ක කාලයක්  වාර්තා කරමිනි

මීටර් 200 (කාන්තා) ඉසව්වේ අවසන් පූර්ව තරගයේ ප්‍රතිඵල අනුව මේධානි ජයමාන්න  ලෝකයේම කනිෂ්ඨ ක්‍රීඩිකාවන් අතර 13 වැනි ස්ථානයට පත්ව සිටියාය.

අවසන් තරගය  සඳහා සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් අතර අට වැනි (අවසන්) ස්ථානය ලද ජැමෙයිකානු ක්‍රීඩිකා ආලියා ෆ්‍රෑන්සිස්ගේ තරග කාලය තත්පර 23.70 කි. ඇයට වඩා තත්පර 0.25 ක් පසුපසින් සිටි හෙයින් මේධානිට අවසන් තරගයේ අවස්ථාව අහිමි විය.

මෙම ඉසව්වේ ශ්‍රී ලංකා (ජාතික) වාර්තාව සුසන්තිකා ජයසිංහ සතුව පවතින්නේ තත්පර 22.28කටය. එය වසර 22ක් තිස්සේ තවමත් බිඳී නොපවතින වාර්තාවෙකි. 18 හැවිරිදි මේධානි ජයමාන්න සුසන්තිකාගේ ඥාති දියණියකි.

ලෝක කනිෂඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 (කාන්තා) ඉසව්වේදී අද පැවැති අවසන් පූර්ව වටයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නද  එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූවාය. විනාඩි 2 තත්පර 17.82 කට තරගය නිමකළ ඇයගේ වේගය අඩාල වී තිබුණි. ඇය අවසන් පූර්ව වටයට ප්‍රවේශ වූයේ මූලික වටයේ තරගයේදී විනාඩි 2 තත්පර 10.70 ක දක්ෂතාවයක් පළ කරමිනි.

අවසන් පූර්ව වටයේදී ඇයගේ තරග කාලය අනුව ඇය ලෝකයේ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් අතර 16 වැනි ස්ථානය දක්වා පහළට  වැටී තිබුණි.

තරුෂි කරුණාරත්න වලල ඒ රත්නායක මැදි විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි ක්‍රීඩිකාවකි.

මෙම ඉසව්වේදී ඇගේ හොඳම දක්ෂතාව වාර්තා වී ඇත්තේ විනාඩි 2 යි තත්පර 07.21 ක් ලෙසය. ඒ පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැති තේරීම් තරගාවලියකදීය.

 


අදහස් (0)

මේධානිට 13 - තරුෂිට 16

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.