Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුරලිගේ ජැමෙයිකානු පිලට සංගාත් එක්වෙයි

මුරලිගේ ජැමෙයිකානු පිලට සංගාත් එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

බටහිර ඉන්දීය දුපත් සමූහයේදී පැවැත්වෙන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් (සී. පී. එල්.) තරගාවලියේදී ජැමෙයිකා තලවාස් පිලට එක්වීම සඳහා ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලූ රකින්නා වන කුමාර සංගක්කාරට අවස්ථව හිමිවී තිබේ.

ඔහුට මෙම අවස්ථාව හිමවී තිබෙන්නේ පාකිස්තානු කී‍්‍රඩක අහමඞ් ෂෙශාඞ්, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත තරගාවලියට එක්වීම සඳහා තම රට බලා පිටත්වයාම හේතුවෙනි.

”මා මේ වසරේ කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට බලාපොරොත්තු වුණේ නෑ. නමුත් ජැමෙයිකා තලවාස් පිලට කී‍්‍රඩා කිරීමට කැමතිද කියලා මුරලි මට දුරකථන ඇමතුමක් දීලා ඇහුවාම මං එක පයින්ම කැමති වුණා” සංගක්කාර පැවසීය.

”මුරලි සමග නැවත වරක් එකම කණ්ඩායමක කී‍්‍රඩා කිරීමට ලැබීම මට මහත් සතුටක්”

”ඒ වගේම කි‍්‍රස් ගේල් වැනි ප‍්‍රවේගකාරී පිතිකරුවකුගේ ප‍්‍රතිවාදී පිලේ කී‍්‍රඩා කරනවට වඩා ඔහු සමග එකට පන්දුවට පහර දීමට හිමිවීම එක්තරා වරප‍්‍රසාදයක්” යයිද සංගක්කාර පැවසූ බව බටහිර ඉන්දීය කොදෙව් මාධ්‍ය නිවේදනයකින් කියැවිණ.

කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන සිව්වැනි කී‍්‍රඩකයා සංගක්කාර වන අතර මුත්තයියා මුරලිදරන් (ජැමෙයිකා තලවාස්), මහේල ජයවර්ධන (ටිනිඩෑඞ් සහ ටොබේගෝ රෙඞ් ස්ටීල්) සහ ලසිත් මාලිංග (ගයනා ඇමසන් වොරියර්ස්) යන කී‍්‍රඩකයෝද මෙම තරගාවලියට එක්ව සිටිති.

මේ වන විට වි:20 තරග 138 කට සහභාගීවී ඇති සංගක්කාර එහිදී අර්ධ ශතක 20 ක්ද සමගින් ලකුණු 3481 ක් ලබාගෙන තිබේ. එහි සාමාන්‍ය සටහන් වන්නේ 28.53 ක් ලෙසය. වි:20 තරග වලදී ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය 124.76 ක අගයක් ගනී.

සංගක්කාර මින් පෙර විවිධ වි:20 තරගාවලි වලදී ඩෙකැන් චාර්ජර්ස්, කිංග්ස් XI, පංජාබ්, සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ කදුරට මෙරුන්ස් යන කණ්ඩායම් නියෝජනය කර ඇත.

- 036

 


අදහස් (3)

මුරලිගේ ජැමෙයිකානු පිලට සංගාත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.