ශී‍්‍ර ලංකා පිලේ සිම්බාබ්වේ සංචාරය සඳහා ලසිත් මාලිංග ඇතුළත් නොවනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
පෞද්ගලික හේතු කිහිපයක් මත මාලිංග නිවාඩු ඉල්ලා ඇති බවත් තරගාවලිය පැවැත්වෙන්නේ කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පහළින්ම රැඳී සිටින සිම්බාබ්වේ පිලට එරෙහිව බැවින් ඔහුට නිවාඩු අනුමත කිරීම ගැටළුවක් නොවනු ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
මෙම කාලසීමාවේදී කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත්වී තම පවුලේ කටයුතු සඳහා අවධානය යොමු කිරීමට සූදානමින් සිටින මාලිංග, ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි/20 ශූරයන්ගේ ලීග් තරගාවලිය සඳහා කී‍්‍රඩා කිරීමෙන්ද ඉවත් වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.
අයි. පී. එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන මාලිංග, පෙරේදා (24 වැනිදා) නිමාවූ සී. පී. එල්. (කැරිබියන් පි‍්‍රමියර් ලීග්) තරගාවලියේදී ගයනා ඇමසන් වොරියර්ස් පිල වෙනුවෙන් එහි අවසන් තරගයටත් කී‍්‍රඩා කළේය.
- 011
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.