
(දමින්ද විජේසූරිය)
පුරා දින හතරක් තිස්සේ හම්බන්තොට සූරියවැව ක්රීඩාංගණයේදී තරගය, පිතිකරුවන්ගේ අණසකට යටවෙමින්, ජය පරාජයකින් තොරව අද (19 වැනිදා) නිමාවට පත්විය. ශ්රී ලංකා සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩයම් අතර පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී ශතක තුනක් වාර්තා වූ අතර එහි මුල් ඉනිමේ ගෞරව දිනාගැනීමට නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සමත් විය.
ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ අංක 6 පිතිකරුවා ලෙසින් පැමිණි සොනාල් දිනූෂ (108) සහ රමේෂ් මෙන්ඩිස් (48) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 102 ක සම්බන්ධතාව නිසාම ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 380 ක් කරා ඉදිරියට ගියේය.
ශතකයක් ලබාගැනීමෙන් අනතුරුව, පන්දු යවන්නන්ට කිසිදු සහයෝගයක් නොතිබූ තණතීරුවකදී, ඕවර 27.4 ක් යැවූ සොනාල් දිනූෂ ලකුණු 72 කට කඩුලු 2 ක් දවාගත්තේ සාර්ථක තුන් ඉරියව් ක්රීඩකයකු වීමේ පෙරනිමිති පළ කරමිනි.
තරගයේ සිව්වැනි දිනය වූ අද සවස තරගය නතර කරන විට ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 168 ක් ලබා සිටියේය.
ශ්රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 381 යි
(නිශාන් මධුෂ්ක 20, ළහිරු උදාර 61, නුවනිඳු ප්රනාන්දු 21, පවන් රත්නායක 27, පසිඳු සූරියබණ්ඩාර 32, සොනාල් දිනූෂ 108, රමේෂ් මෙන්ඩිස් 48, ඉසිත විජේසුන්දර 36, රයන් හැරිසන් 60/2, ටිම් ප්රින්ගල් 88/3, පීටර් යංහස්බන්ඩ් 97/2)
නවසීලන්ත ‘ඒ’- පළමු ඉනිම 479 යි
(රීස් මාරියු 17, කර්ටිස් හීපි 162, ටිම් රොබින්සන් 130, මැතිව් බොයිල් 26, මිචෙල් හේ 33, ටිම් ප්රින්ගල් 12, ෆාසර් ෂීට් නොදැවී 61, ඉසිත විජේසුන්දර 56/2, රමේෂ් මෙන්ඩිස් 105/2, සොනාල් දිනූෂ 72/2)
ශ්රී ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලු 4 ට 168 යි
(නිශාන් මධුෂ්ක 25, ළහිරු උදාර 39, නුවනිඳු ප්රනාන්දු නොදැවී 50, පවන් රත්නායක 12, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 15, ටිම් ප්රින්ගල් 50/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.