Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (6 වැනිදා) තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 126 ක් රැස්කිරීමට සමත්විය.
පැතුම් නිස්සංක (නොදැවී 75) සහ සංගීත් කුරේ (නොදැවී 50) අර්ධ ශතක ලබාගනිමින් පළමු කඩුල්ලට ශතක සම්බන්ධතාවයක් පැවැත්වීම හේතුවෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 64 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මේ වනවිට සමත්වී ඇත.
බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ නායක මොමිනුල් හක් පන්දු යවන්නන් 5 දෙනෙකු යොදගත්තද ආරම්භක පිතිකරුවන්වූ පැතුම් නිස්සංකට සහ සංගීත් කුරේට පීඩනයක් එල්ල කිරීමට අසමත් විය.
දෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 283 ක් රැස්කර සිටි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට අද දිනයේදී සියලුදෙනා දැවී සිය ඉනිමට එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 47 ක් පමණි.
මොහොමඞ් ශිරාස් කඩුලු 5 ක් ද ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ. හෙට (7 වැනිදා) තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 268
බංග්ලාදේශ ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 330
(ශද්මන් ඉස්ලාම් 77, මොමිනුල් හක් 117, මොහොමඞ් මිතුන් 21, නුරුල් හසන් 36, මෙහෙදි හසන් නොදැවී 38, මොහොමඞ් ශිරාස් 63/5, ප්‍රභාත් ජයසූරිය 114/3, අසිත ප්‍රනාන්දු 48/2)
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 126
(පැතුම් නිස්සංක නොදැවී 75, සංගීත් කුරේ නොදැවී 50)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.