Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද කොළඹ තුරඟ තරග පිටියේ සිට..)
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 අඩු රග්බි කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග පිටියේදී අද (10 වැනිදා) පැවැති දෙවැනි රග්බි තරගයෙන් ලකුණු 32-06 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 අඩු රග්බි කණ්ඩායම සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 17-03 ක් ලෙස පෙරමුණ ගත්හ. එහිදී නවසීලන්ත ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 15 ක් එක්කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයන් සමත් වෙද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි.
ආරම්භයේ සිටම නායකත්වයේ වගකීම තම කර මතට ගත් නවසීලන්ත නායක ජැරීඩ් පර්සිවෙල් තරගයේ 12 වැනි සහ 21 වැනි විනාඩිවලදී පිට පිටම උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. කෙසේ වුවත් එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කර ගැනීමට ඔහු අපොහොසත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු අතරට පිවිසියේ තරගයේ 22 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් වීමත් සමගිනි. පළමු අර්ධය නිමා වීමට මත්තෙන් 28 වැනි විනාඩියේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට පීටර් ස්වාරට්ස් සමත් විය.
මුල් ප්‍රවර්ථන දෙක අසාර්ථක වුවද තෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් නවසීලන්ත නායකයා, එය ගෝල දිනුමක් බවට පත් කළේ මුලු ලකුණු සංඛ්‍යාව 17-03 ක් ලෙස පළමු අර්ධය අවසානයේ සිය කණ්ඩායම ප්‍රභල තත්වයකට රැගෙන එමිනි.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 54 වැනි විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරින්ද රත්වත්තේද, 56 වැනි විනාඩියේදී නවසීලන්තය වෙනුවෙන් ඇඩම් ප්‍රෙස්ටන්ද දඬුවම් පහර බැගින් සාර්ථක කරගැනීමට සමත් වූහ. ඒ අනුව තරගයේ මුලු ලකුණු සංඛ්‍යාව 20-06 ක් බව පත්විය.
උප නායක ජොෂ් ගිලර්ට් 61 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට ඊමන් රීලි සමත් වීමත් සමග 27-06 ක් ලෙස ලකුණු පරතරය තවත් වැඩි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය. එහෙත් ඉන් නොනැවතුණ කිවියෝ, 71 වැනි විනාඩියේදී ෆ්‍රැන්සිස් මොරිසන් ලබාගත් උත්සාහක දිනුමත් සමග ලකුණු 32-06 ක් ලෙස තරගය නිමාවට පත් කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.