Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (6 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 44 ක පහසු ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය මේරියන්ස් කණ්ඩායමට ඕවර 18.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. මේරියන්ස් ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි හිරාන් ජයසුන්දර පන්දු 34 කදී හයේ පහරක් සමග නොදැවී ලකුණු 31 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. සිනෙත් ජයවර්ධන ලකුණු 13 කට කඩුලු 3 ක්ද, තීසාන් විතුෂාන් ලකුණු 12 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් මේරියන්ස් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා වියස්කාන්ත්ට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 150 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට තෙවිඳු සේනාරත්න (50) සමත් විය. පන්දු 34 කට මුහුණදුන් තෙවිඳු, හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය. සචිත ජයතිලක පන්දු 26 කින් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
ද්‍රවිඩ සංගම් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 150
(සිනෙත් ජයවර්ධන 26, තෙවිඳු සේනාරත්න 50, සචිත ජයතිලක 41, ඉරුෂ්ක තිමිර 20/2, රවිඳු රත්නායක 26/2, තානුක දාබරේ 32/2)
හලාවත මේරියන්ස් පිල - ඕවර 18.4 කදී සියලු දෙනා දැවී 106
(යශෝධ ලංකා 17, තනුක දාබරේ 16, හිරාන් ජයසුන්දර නොදැවී 31, සකුණ ලියනගේ 23, විජයකාන්ත් වියස්කාන්ත් 22/4, සිනෙත් ජයවර්ධන 13/3, තීසාන් විතුෂාන් 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.