තිලකරත්න ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දුපත්හිදී පැවැත්වෙන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ (සී. පී. එල්.) අවසන් මහ තරගායට සුදුසුකම් ලබාගැනීමට ගයනා ඇමසන් වොරියස් පිලට හැකිවිය.
පළමු අවසන් පූර්ව තරගයේදී ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝ රෙඞ් ස්ටීල් පිල පරදවා කඩුලූ 7 ක ජයක් ලබාගනිමින් ගයනා ඇමසන් වොරියර්ස් පිල අවසන් මහ තරගායට පැමිණීමට අවස්ථාව උදාකරගත්තේය.
ලකුණු 104 ක පහසු ඉලක්කයක් හඹාගිය ගයනා ඇමසන් වොරියස් පිල ඕවර 16.2 කදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය.
ගයනා පිලේ වැඩිම ලකුණු ලාභියාවූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 29 කදී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ටොබේගෝ රෙඞ් ස්ටීල් පිලට ඕවර 19.3 කදී සියලූදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි. එහිදී මහේල ජයවර්ධන ලකුණු 2 ක් ලබා සිටියදී දැවීගියේය.
ලසිත් මාලිංග ලකුණු 18 කට කඩුලූ 2 ක් දවාගනිද්දී, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 14 කට කඩුලූ 2 ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.
ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝ රෙඞ් ස්ටී
ල් පිල ඕවර 19.3 කදී සියලූ දෙනා දැවී 103
(ඒඞ්රියන් බරාත් 12, ඞ්වේන් බ‍්‍රාවෝ 26, නිකලස් පූරන් 14, කෙවොන් කූපර් 27, තිලකරත්න ඩිල්ෂාන් 14/2, ලසිත් මාලිංග 18/2, කි‍්‍රෂ්මාර් සන්ටෝකි 20/2, වීරසාමි පෙරමාල් 22/2)
ගයනා ඇමසන් වොරියර්ස් පිල ඕවර 16.2 කදී කඩුලූ 3 ක් දැවී 107
(විලියම් පර්කින්ස් 18, තිලකරත්න ඩිල්ෂාන් 39, රම්නරේන් සර්වාන් නොදැවී 18, ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් නොදැවී 16)
ඡායාරූප:
සී. පී. එල්. නිල වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.