Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උරහිසේ ආබාධය අපේක්‍ෂා කළ ආකාරයෙන් සුව නොවීම නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රවීණතම වේග පන්දු යවන්නා වන ඩේල් ස්ටේන්ට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. එම ආබාධය හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් එංගලන්තයට එරෙහිව පැවැති තරගය මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයටත් සහභාගි වීමේ අවස්ථාවද ස්ටේන්ට අහිමි විය.
ඉන්දීය පිලට එරෙහිව හෙට (5 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක තරගයට සහභාගි වීම සඳහා ඩේල් ස්ටේන් සූදානම් වෙමින් සිටියද ඔහුගේ ආබාධය සුව නොවන බව කියැවේ. ඩේල් ස්ටේන් වෙනුවට වමතින් වේග පන්දු යවන බියුරන් හෙන්රික්ස් දකුණු අප්‍රිකානු පිලට කැඳවා තිබේ. බියුරන් හෙන්ද්‍රික්ස් දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවීමට තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.
පළමු පෙළ තරග 83 කදී කඩුලු 288 ක් දවාගෙන ඇති බියුරන්, එක්දින ජාත්‍යන්තර තරගය 2 කදී එක් කඩුල්ලක් දවාගෙන ඇති අතර විස්සයි20 ජාත්‍යන්තර තරග 10 කදී කඩුලු 16 ක් දවාගැනීමටද සමත්ව සිටියි.
මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව මුහුණ දුන් තරග දෙකේදීම පරාජයට පත් වී තිබේ.
ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නම් කරන විටත් උරහිසේ ආබාධයෙන් පෙළුණ ස්ටේන්, එම ආබාධ තත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ගෙදර ගියේය.
ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙමින් සිටි ඇන්ඞ්රිච් නෝජේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙරම මහපට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ අතර තවත් වේග පන්දු යවන්නකු වන ලුන්ගි න්ගිඩිද පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටී.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.