Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩයලොග් - ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන සැප් : 10 දා

ඩයලොග් - ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන සැප් : 10 දා

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 5 වැනි වරට සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘ඩයලොග් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල 2013’ ලබන සැප්තැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සැළසුම්කර තිබේ.

මෙම සම්මාන උළෙලේදී 2012-2013 කි‍්‍රකට් තරගවාරයේ දේශීය සහ අන්තර්ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සම්මාන 150 කට ආසන්න සංඛ්‍යාවක් පිරිනැමීට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.

‘ඩයලොග් වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සහ ‘ඩයලොග් වසරේ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ යන සම්මානවලට මෙහිදී විශේෂ ස්ථානයක් හිමිවේ.
මෙවර සම්මාන උළෙලේදී පැරණි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වැඩි පිරිසක් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි කරවීමට ද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අදහස් කර තිබේ.

මෙම සම්මාන උළෙලේ ආරම්භකයන් වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය මෙවර සම්මාන උළෙලට කිසිදු සම්බන්ධයක් නොමැති බව සම්මාන උළෙල පිළිබඳව දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.

”මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය නොසළකා හැරීමට අපි තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව ගොඩක් කරුණු තිබෙනවා. ඒ පිළිබඳව පසුව දැනුවත් කරන්නම්” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ඩයලොග් ආයතනයේ සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රීඩාව සමග වසර කීපයකට සම්බන්ධවීමට ලැබීම පිළිබඳව තම ආයතනය සතුටු වන බවයි.

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ ඩයලොග් ආයතනයේ සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය අනුග‍්‍රහයට අදාල ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, එහි වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු (වමේ) සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් (දකුණේ) ඡයාරූපයේ වෙති.


(ඡායාරූපය: ශාන්ත රත්නායක)    

 


අදහස් (1)

ඩයලොග් - ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන සැප් : 10 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.