Last Update  :  2026-04-22 12:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝටි හතක වියදමින් 109 ක කණ්ඩායමක්
සන්යා ආසියානු වෙරළ ක්‍රීඩා

කෝටි හතක වියදමින් 109 ක කණ්ඩායමක්

editorial - 2026 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

චීනයේ සන්යා නුවරදී රටවල් 45 කගේ සහභාගිත්වයෙන් අද (22) නිල වශයෙන් ආරම්භ වන හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් හා නිලධාරීන් 109 කගෙන්  සමන්විත සමස්ත කණ්ඩායමක් නිර්දේශවී සිටියි. ක්‍රීඩා උළෙල සන්යා නුවර වෙරළ තීරයේදී මෙම මස 30 වැනිදා දක්වා පැවැත්වේ.

ක්‍රීඩා ඉසව් 14 කින් සමන්විත මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් හයකට ක්‍රීඩකයන් 40 ක් හා ක්‍රීඩිකාවන් 37 දෙනකුගෙන් සමන්විත ක්‍රීඩා කණ්ඩායම් යොමු කර සිටියි එහිදී විශේෂත්වය පළමු වතාවට ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කිරීමයි.

ඒ සදහා සහභාගි වන ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) කණ්ඩායම මේ වන විට සන්‍්යා නුවරට ළගාවි සිටියි.

ක්‍රීඩා අමාත්‍යාංශය මෙම තරග සංචාරයට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වියදම් ලෙස අනුමත කර තිබේ. 2016 දී වියට්නාමයේ සත්කාරයෙන් පැවැති පස්වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලෙන් පසුව එහි හය වැනි පියවර සංවිධානය වන්නේ වසර 10 කට පසුවය.කෙසේවූවත් මීළඟට වසර 2028 දී යෙදෙන හත් වැනි ක්‍රීඩා උළෙලේ සත්කාරය පිලිපීනයේ සෙබූ නගරයට පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ඉතිහාසයේ හිමි කර ගෙන සිටින්නේ ලෝකඩ පදක්කම් හයකි.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් විධායක සභාවේ සම්බන්ධ්කරණයෙන් සිදු කෙරෙන අවසන් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සංචාරය මෙයයි.ඒ ලබන සෙනසුරාදා (25) එහි නව විධායක සභාව නිර්දේශ කර ගැනෙන නිලවරණය (2026 -30) කැඳවීමට යොදා ගෙන තිබෙන බැවිනි.

සන්යා ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ තරග ඉසව් ඊයේ (21) සිට ආරම්භ වූවත් එහි නිල සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ අද  (22)දිනයේදීය. ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාම රුවල් ඔරු ක්‍රීඩක හරේන් වික්‍රමතිලක හා මලල ක්‍රීඩිකා ලක්ෂිකා සුගන්ධි විසින් සිදු කරනු ලබයි.

 

හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගිත්වය

ජල ක්‍රීඩා : - ක්‍රීඩකයන් 1 හා නිලධාරීන් 1

පැසිපන්දු (3 X 3) :- ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් හතර බැගින් හා නිලධාරීන් 2

මලල ක්‍රීඩා : - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 ක් හා නිලධාරීන් 4

අත්පන්දු (හෑන්ඩ්බෝල්) : - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු හා නිලධාරීන් 4

කබඩි : - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු හා නිලධාරීන් 3

රුවල් ඔරු : - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනකු හා නිලධාරීන් 2

වොලිබෝල් : -ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකු හා නිලධාරීන් 2

මල්ලවපොර  : - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 ක් හා නිලධාරීන් 2

කණ්ඩායම් ප්‍රධානි : - සමිත් තිළින මහතා

ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය : - නිම්මි ද සොයිසා මහත්මිය

 (සමස්ත කණ්ඩායමට කාර්ය සහයක නිලධාරීන් හා නිලධාරීනියන් සිව් දෙනෙකු, වෛද්‍යවරයකු, භෞත චිකිත්සකවරයකු හා සම්භාහකවරු තිදෙනෙක් ඇතුළත්ව සිටිති.

 


අදහස් (0)

කෝටි හතක වියදමින් 109 ක කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.