Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් ජ්‍යෙෂ්ඨයෝ සල්ලිම හොයති

කොදෙව් ජ්‍යෙෂ්ඨයෝ සල්ලිම හොයති

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනාධිකාරිය හේතුවෙන් බටහිර ඉන්දීය පිලට ක්‍රීඩා කරනු වෙනුවට ලෝකය වටා පවත්වන වඩා වැඩි මුදලක් ගෙවනු ලබන විස්සයි20 ක්‍රිකට් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ප්‍රධාන පෙළේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන් කැමැත්තෙන් සිටින බව හිටපු නායක ඩැරන් සැමී පවසයි. 


ගෙවීම් පිළිබඳ ගිවිසුමක් හේතුවෙන් ක්‍රිකට් ආයතනය සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යෑමෙන් ක්‍රිස් ගේල්, කරන් පොලාඞ් සහ ඞ්වේන් බ්‍රාවෝ 2014 වසරේ මැද භාගයේදි පැවැති ඉන්දීය තරගාවලියෙන්ද ඉවත් විය. බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදි දේශීය තාරගාවලි වලින් පමණක් ක්‍රීඩකයින් තෝරාගත හොත් ඉහළ සුදුසුකම් ඇති ක්‍රීඩකයෝ වෙනත් රටවල පවත්වන විස්සයි20 තරගාවලි මත තමන්ගේ වෘත්තිය ගොඩනගා ගනු ඇත.


“මට කියන්න බෑ ක්‍රිඩකයෝ එම තරගාවලි සදහා ක්‍රීඩා කරයිද නැද්ද කියලා. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පවුල් මූල්‍යමය අතින් ශක්තිමත් කිරීමටයි බටහිර ඉන්දීය කොදෙව් පිල මෙහෙයවමින් දෙවරක් විස්සයි20 ලෝක කුසලාන හිමිකරදුන් ඩැරන් සැමී බි්‍රතාන්‍ය ගුවන් විදුලි සේවයේ ‘5-ලයිව්’ සේවයට පැවසීය.


තම රටෙන් පිටතදී බටහිර ඉන්දීය කොදෙව් පිල කෙටි තරග සදහා තරමක් දුරට සාර්ථකත්වයක් පෙන්නුවද ඔවුන්ට මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලිය අහිමිවී ගියේ ඕවර 50 තරග වලදී ලෝකයේ හොදම කණ්ඩායම් අට ශූරයන්ගේ තරගාවලියට ඉදිරිපත් වීම හේතුවෙනි. 


ඔවුන් එක්දින ශ්‍රේණිගත කිරීම් වලදී නවවන ස්ථානයේ පසුවන අතර ටෙස්ට් තරග ශ්‍රේණිගත කිරීම්හී අටවන ස්ථානයේ පසුවන්නේය. දැනට පවතින තත්ත්වය මත ලබන සතියේදී ආරම්භ වීමට නියමිත ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදීත් දස්කම් අතරට නාවොත් 2019 ලෝක කුසලාන තරගාවලියද කොදෙව් පිලට අහිමි වනු ඇත. 


පසුගිය වසරේ ඉන්දියාවේදී දෙවැනි විස්සයි20 ශූරතාවය දිනාගැනීමෙන් පසුව සැමී ඇතුළු ක්‍රීඩකයෝ කොදෙව් ක්‍රිකට් ආයතනයට අගෞරව වන ආකාරයෙන් යම් යම් දේ පැවසිම හේතුවෙන් එතැන් පටන් 33 හැවිරිදි ඩැරන් සැමීටද කණ්ඩායමේ ස්ථානය අහිමිවී ගියේය.


ටෙස්ට් තරග 38 කට සහ එක්දින තරග 126 කට ක්‍රීඩාකර ඇති සැමී පවසන්නේ තමන්ගේ රටේ ක්‍රිකට් වෙනුවෙන් ඇති සැකස්ම එය ඉදිරියට රැගෙන නොයන බවයි. 


“පහළ කණ්ඩායම් දෙකක් වූ අයර්ලන්තය සහ ස්කොට්ලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට සිදුවීම පිළිබඳව මම ගොඩක් තැති ගත්තා. ඒක අපිට ගොඩක් කණගාටුදායක තත්වයක්”


දැනට තිබෙන සියලුම ප්‍රශ්න විසදා ගනිමින් 2019 වසරේදී එංගලන්තයේ සහ වේල්සයේදී පැවැත්වෙන ඕවර 50 ලෝක කුසලාන සදහා ඍජූවම සුදුසුකම් ලබාගැනීමට අවධානය යොමුකර ඇතයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසයි. 

 


අදහස් (0)

කොදෙව් ජ්‍යෙෂ්ඨයෝ සල්ලිම හොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.