Last Update  :  2025-06-07 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ආරම්භ කරන්න අමාත්‍යංශයෙන් ක්‍රීඩා භාණ්ඩ

ක්‍රිකට් ආරම්භ කරන්න අමාත්‍යංශයෙන් ක්‍රීඩා භාණ්ඩ

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

'ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කුසලතා සහිත දරුවන් හඳුනා ගැනීම' අරමුණු කර ගනිමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ පාසල් සඳහා ක්‍රිකට් උපකරණ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේඅද (ජුනි 06) බෙදා දෙන ලදි. දැනට ක්‍රිකට් ක්‍රීඩාව නොකෙරෙන බස්නාහිර පළාතේ තෝරාගත් පාසල් 30 ක් සඳහා පුහුණු තීරු සහ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ එහිදී ප්‍රදානය කෙරිණ. 

මානව සම්පත හඳුනා ගැනීම මගින් ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීහු, බස්නාහිර පළාත් තෝරාගත් පාසල් වල විදුහල්පතිවරු, ගුරු මහත්ම මහත්මීහු සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගි වූහ.

සියලුම දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, එහි ප්‍රතිලාභ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සියලුම පාසල් වල  දරුදැරියන්ට ලැබෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට වත්කමක් නොමැති බොහෝ දරු දැරියන් සිටින බැවින් මෙම ක්‍රිකට් උපකරණ ලබා දීම ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතයට උපකාරී වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසුවේ ය.

ක්‍රීඩාව තුළින් යහපත්, සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහි කිරීමට බලාපොරොත්තු වන අතර, ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට රජයක් ලෙස ඉදිරියේ දීත් කටයුතු කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

 
 
 
- 213

අදහස් (0)

ක්‍රිකට් ආරම්භ කරන්න අමාත්‍යංශයෙන් ක්‍රීඩා භාණ්ඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.