Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අන්තර් පාසල් ඩී. එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාව ලබන ජූනි 6 වැනිදා සිට ඇරඹීමට කටයුතු යොදා තිබේ. තරග සංවිධායකයන් පවසන්නේ මෙවරත් කණ්ඩායම් 4000 කට වැඩි ගණනකගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවයි.
වයස 11න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ හා 19 න් පහළ යන වයස් කාන්ඩ පහකින් එහිදී බාලක හා බාලිකා ඉසව් පැවැත්වේ. මෙහි මූලික වටයේ තරග දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වේ. එයින් නිර්දේෂ ලබන දිස්ත්‍රික් ශූරයන් අනුශූරයන් දිස්ත්‍රික් ශූරියන් අනුශූරියන් වන කණ්ඩායම් අවසන් (ජාතික) වටයට තෝරා ගැනෙති.
තරග මාලාවේ සමාරම්භක උත්සවය ජූනි 6 වැනිදා පෙරවරු 9 ට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ වන විට සැළසුම් කර තිබෙන පරිදි සති අන්ත දින යොදා ගනිමින් තරග මාලාවේ මූලික වටය ජූනි 14 -15 -21 - 22 - 28 - 29 ජූලි 5 - 6 -12 -13 -19 - 20 -26 -27 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.ඒ අනුව අවසන් වටය අගෝස්තු 20 සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතය.
මෙවර තරග මාලාවේ අවසන් තරග නොවැම්බර් 15 - 16 දෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරග ඇයැදුම් පත්‍ර බාර ගැනීම මැයි 21 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඩී.එස්.අයි. ප්‍රදර්ශනාගාර වෙතින් හා දිස්ත්‍රික් තරග සම්බන්ධිකරණ නිලධාරින් වෙතින් එම ඇයැදුම් පත්‍රිකා ලබා ගැනීමෙන් පසුව ඒවා සම්පූර්ණ කර ඔවුන්ටම බාර දිය හැකිය.
තරග ඇයැදුම් පත්‍ර මහරගම නාවින්න හයිලෙවල් පාරේ අංක 257 දරන ස්ථානයේ පිහිටි ඩී.එස්.අයි පාවහන් ආයතනයේ අලෙවි අංශය වෙතද බාරදිය හැකි බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දුරකථන අංක 0112-669344 ඔස්සේ ඇමැතීමෙන් හෝ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද ලක්ෂ්මන් කුමාර මහතා දුරකථන අංක 0773-329702 ඔස්සේ ඇමැතීමෙන්ද එමෙන්ම asnalaka@gmail.com යන විද්‍යුත් තැපෑලට පිවිසීමෙන්ද තරග මාලාව පිළිබදව වැඩි තොරතුරු ලබා ගත හැකිය.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවැසුවේ ලබන නොවැම්බර් 3 වැනිදා සිට 10 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් වයස19 න් පහළ (බාලිකා) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේෂ කිරීමේදී කැඳවෙන පුහුණු සංචිතය සදහා මෙම තරග මාලාවේ දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් (වයස19 න් පහළ - බාලිකා) ඇතුළත් කර ගන්නා බවයි.
ඩී එස්.අයි.සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාවට 23 වැනි වතාවටත් අනුග්‍රාහය දක්වන ඩී.සැම්සන් සහ පුත්‍ර සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ තුෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා වෙත නිල වශයෙන් එම අනුග්‍රාහය ප්‍රදානය කළ අයුරු. වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක,එහි භාණ්ඩාගාරික තුෂාර සම්පත් ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද ලක්ෂ්මන් කුමාර, සැම්සන් සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරක්කොඩි යන මහත්වරුද මෙහි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.