Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
උඩපන්දු අතහැරීමේ ආදීනව මේ යයි එංගලන්ත නායිකා නැතලි ෂිවර්-බ්‍රන්ට් කදිමට කියා දුන්නාය. ඉලක්කයකට පන්දු යවන්නේ මේ ආකරයෙන් යැයි සොෆී එක්සෙල්ස්ටන් පෙන්වූවාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ දිගහැරුණු මෙම පාඩම් දෙකේම එකතුව වූයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී එංගලන්ත පිල ලකුණු 89 ක ජයක් ලබාගැනීමයි.
ලකුණු 254 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 45.4 කදී ලකුණු 164 කට දැවී ගියේය. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වමත් දඟ පන්දු යවන්නී සොෆී එක්සෙල්ස්ටන් ශ්‍රී ලාංකික පිතිකාරිණියන් සිව් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැව්වේ සිය ඕවර 10 ලකුණු 17 කට සීමාකරමිනි. ලින්සේ ස්මිත් (22/1) සහ ඇලිස් කැප්සි (15/1) දෙදෙනා ශ්‍රී ලංකා පිතිකාරිණියන් සිරකරගෙන සිටියදී සොෆී එක්සෙල්ස්ටන් එක දිගට ඇයගේ ඕවර 10 යවමින්, නිලකුණු ඕවර 3 ක් ද සම්පූර්ණ කළාය.
කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තුගේ ක්‍ෂණික තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පළමු ඕවර 10 ලකුණු 50 කට සීමාකරගත් නමුත් ටැමී බියුමන්ට්ගේ දැවී යාමෙන් පසුව පැමිණි නැතලි ෂිවර්-බ්‍රාන්ට් එතැන් සිට තරගය අනෙක් පැත්තට හැරවූවාය.
බ්‍රන්ට් ලකුණු 03 ක් පමණක් ලබා සිටියදී ‘මිඩ් විකට්’ හි සිටි උදේශිකා ප්‍රබෝධනීට දුන් උඩපන්දුව රැකගත හැකිවූයේ නම් බ්‍රන්ට්ගේ පිත්තෙන් පැමිණි ලකුණු 117 න් ලකුණු 114 ක් අඩුකරගත හැකිව තිබිණ. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව ගලා යන්නේ ඊටම ආවේණික ආකාරයෙනි.
උඩපන්දුව අතහැරීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා කාන්තාවන්ට අවස්ථාවක් නොදුන් බ්‍රන්ට් ලබාගත් ශතකයෙන් සවිමත් වූ එංගලන්ත කාන්තාවා් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ට ලකුණු 253 ක් ලබාගත්හ.
ඕවර 40 ක් නිමාවේදී එංගලන්ත කාන්තාවන් ලබාසිටියේ කඩුලු 6 ක් දැවී ලකුණු 179 කි. එහෙත් අවසන් ඕවර 10 දී ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට එළව එළවා පහර දුන් නැතලි ෂිවර් බ්‍රාන්ට් සහ චාලී ඩීන් දෙදෙනා එම ඕවර 10 න් ලකුණු 74 ක් උදුරා ගත්හ. නැතලි පමණක් අවසන් ඕවර 10 දී පන්දු 29 කින් ලකුණු 48 ක් ලබාගත්තාය.
එංගලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් ලබා සිටින නැතලි ෂිවර්-බ්‍රාන්ට්, අද ලබාගත්තේ ඇයගේ 10 වැනි එක්දින ශතකයයි. චිත්තාකර්ශනීය ‘ඉන් සයිඩ්- අවුට්’ පහරකින් සුගන්ධිකා කුමාරිගේ පන්දුවක් හතරේ සීමාවට ඉහළින් යවමන් සිය ශතකය සම්පූර්ණ කළ නැතලි ෂිවර් බ්‍රාන්ට්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් අලංකාර විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.