Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්ව යටතේ ඊයේ (31 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 17.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 21 ක් රැස්කළ මයියා බෞචර් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කළාය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇලිස් කැප්සේ පන්දු 45 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවාය. ආරම්භක පිතිකාරිණී සොෆියා ඩන්ක්ලි හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක්ද, නායිකා නටාලි සීවර් හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද රැස්කළහ.

ශ්‍රී ලංකාව වෙන්වෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත් අතර වේග පන්දු යවන ක්‍රීඩිකා ඕෂධී රණසිංහ ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නිලක්ෂි ද සිල්වා පන්දු 28 කින් ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර  2 ක් සමගිනි.

එහිදී හසිනි පෙරේරා පන්දු 18 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක් රැස්කළ අතර නායිකා චමරි අතපත්තු පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක් ලබා සිටියදී දැවී ගියාය. පිතිකාරිණයන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකි වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ට බලපෑවේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පෙරමුණ ගත් සොෆී එක්ලෙස්ටෝන් ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳහෙළුවාය. ඉසී වොං සහ ෆ්‍රෙයා කේම්ප් කඩුලු 2 බැගින් දවාගනිමින්  ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කිරීම සඳහා එහිදී සොෆීට අනගි සහායක් දුන්හ.

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 106

(හසිනි පෙරේරා 17, නිලක්ෂි ද සිල්වා 25, ඕෂධී රණසිංහ 13, සොෆී එක්ලෙස්ටෝන් 25/3, ඉසී වොං 10/2, ෆ්‍රෙයා කේම්ප් 14/2)

එංගලන්ත කාන්තා පිල - ඕවර 17.1 කදී කඩුලු 5 කට 109

(සොෆියා ‍ඩන්ක්ලි 17, ඇලිස් කැප්සේ 44, නටාලි සීවර් 17, මයියා බෞචර් නොදැවී 21, ඉනෝකා රණවීර 29/3, ඕෂධී රණසිංහ 20/2)


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.