Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය 3-1 කින් ද. අප්‍රිකාව පරදවයි

එංගලන්තය 3-1 කින් ද. අප්‍රිකාව පරදවයි

ශනුක අරවින්ද - 2017 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ මැන්චෙස්ටර් ඕල්ඞ් ට්‍රැෆඞ් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 177 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (7 වැනිදා) සමත් විය. මෙම ජයත් සමගින් දෙරට අතර පැවැති තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-1 ක් ලෙස ජයගැනීමටද එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 379 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 202 ක් පමණි.

තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 40 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම, තේ පානය සඳහා තරගය නතර කරන විට ලකුණු 182 කට කඩුලු 6 ක් දැවී ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හෂීම් අම්ලාට (83) සිය 27 වැනි ටෙස්ට් ශතකය අහිමි කළ මුයින් අලී, ලකුණු 69 කට කඩුලු 5 ක් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා (6 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක් කරගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි.

 

එංගලන්තය - පළමු ඉනිම සියලු දෙනා දැවී 362
(ඇලිස්ටෙයාර් කුක් 46, කීටන් ජෙනින්ස් 17, ටෙම් වෙස්ලි 29, ජෝ රූට් 52, ඬේවිඞ් මෙලන් 18, බෙන් ස්ටොක්ස් 58, ජොනී බෙයාස්ට්‍රෝ 99, මුයින් අලී 14, කගිසෝ රබාඩා 91/4, කේෂව් මහරාජ් 58/2, ඩූඈන් ඔලිවර් 91/2, මෝනි මෝකල් 92/2)

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම සියලු දෙනා දැවී 226
(හෙයිනෝ කූන් 24, හසීම් අම්ලා 30, ටෙම්බා බවුමා 46, ෆෆ් ඩුප්ලෙසි 27, ක්වින්ටින් ඩි’කොක් 24, කගිසෝ රබාඩා 23, මෝනි මෝකල් නොදැවී 20, ජේම්ස් ඇන්ඩසන් 38/4, ස්ටුවට් බ්‍රෝඞ් 46/3, මුයින් අලී 57/2)

එංගලන්තය - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 243
(කීටන් ජෙනින්ස් 18, ජෝ රූට් 49, බෙන් ස්ටොක්ස් 23, මුයින් අලී 75, මෝනි මෝකල් 41/4, ඩූඈන් ඔලිවර් 38/3, කගිසෝ රබාඩා 50/2)

දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 202
(හෂීම් අම්ලා 83, ෆෆ් ඩුප්ලෙසි 61, කේෂව් මහරාජ් නොදැවී 21, මුයින් අලී 69/5, ජේම්ස් ඇන්ඩසන් 16/3)

 

- 036

 


අදහස් (0)

එංගලන්තය 3-1 කින් ද. අප්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.