Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ටෙනිස් තරුව සානියා මිර්සාගේ නැඟණිය වන ආනම් මොහොමඞ්, ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් පිලේ හිටපු නායක මොහොමඞ් අසාරුඩින්ගේ පුත් අසාද් අසාරුදීන් සමග විවාහ වීමට යන බව කියැවේ. ඒ සම්බන්ධයෙන් ඇති කටකතා සත්‍ය බව සානියා මිර්සා තහවුරු කළාය.
ආනම් සහ අසාද් බොහෝ කළක් තිස්සේ දන්නා හඳුනන අතර පසුගිය මාසයේ ආනම් විසින් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔවුන් දෙදෙනා ඉක්මනින් විවාහ වන බවට කටකතා පැතිර ගියේය
“ඇය ඇත්ත වශයෙන්ම විවාහ වන්නේ දෙසැම්බර් මාසයේදීයි. අපි පැරිසියේ ඇගේ විවාහයට පෙර යන අවසන් විනෝද සවාරියෙන් පසුව ආපසු ආවා”
“අපි ඇත්තටම මේ ගැන උනන්දුවට පත් වුණා. ඇය විවාහ වන්නේ ආදරණීය සහකරුවෙකු සමඟයි. ඔහුගේ නම අසාද්. ඔහු හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක මොහොමඞ් අසාරුඩීන්ගේ පුත්‍රයා... නිසා අපි ඒ ගැන සැබවින්ම සතුටට පත් වෙනවා” යයි සානියා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින් පැවසුවාය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කුමන ආකාරයේ එදිරිවාදිකම් තිබෙන නමුත් සානියා මිර්සා විවාහ වී සිටින්නේ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ෂොයිබ් මලික් සමගිනි. සානියා - මලික් යුවලට පුතෙක් සිටී.
සානියාගේ සොහොයුරිය වන ආනම් විවාහ වීමට යන අසාද්, 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය පිලේ නායකයාව සිටි මොහොමඞ් අසාරුඩීන්ගේ පුත්‍රයාය. කෙසේ වෙතත් සානියා සහ ෂොයිබ් මෙන් නොව, ආනම් සහ අසාද් දෙදෙනාම ඉන්දීය ජාතිකයෝ වෙති.
ඉන්දියාවේ ටෙනිස් තරුව වන සානියා මිර්සා මේ වන විට ක්‍රීඩාවෙන් ඉවත් වී සිටින්නීය. ඇය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පිරිමි දරුවෙකු බිහි කළාය.
ඇය 2020 ජනවාරි වන විට නැවත ටෙනිස් පිටියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇය අවසන් වරට ටෙනිස් තරගයකට ක්‍රීඩා කළේ 2017 දී චීන විවෘත තරගාවලියේදීය.
“අගෝස්තු මාසය වන විට මට නැවත එන්න පුලුවන් වෙයි කියලා මම හිතුවා. නමුත් බොහෝ විට ජනවාරි වන විට ඒ සඳහා අවස්ථාවක් ලැබෙයි....මගේ පුතා ඉෂාන් ඉන්න එක තමා මට ලබන්න පුලුවන් ලොකුම ආශීර්වාදය”
“මට නැවත එන්න පුලුවන් උනොත් ඒක පුදුමයක් වේවි. නැවත පැමිණීමට ඇති එකම හේතුව තමයි මට ක්‍රීඩා කිරීමට හා තරඟ කිරීමට ඇති ආශාව ”සානියා මෙසේ පැවසූයේ අගෝස්තු මාසයේදී ඉන්දීය පුවත් සේවය වෙත අදහස් දක්වමිනි.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසාද් පළමු පන්තියේ තරග වලට පෙර හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ ආධුනික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.