සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (24 වැනිදා) නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීයාව කඩුලු 3 ක් දැවී ලකුණු 185 ක් ලබා සිටියේය.
ඒ අනුව ඉන්දියාව දෙවැනි ඉනිමේදී තවත් කඩුලු 7 ක් අතැතිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 260 ක් ඉදිරියෙන් සිටින්නේය. තෙවැනි දිනය නිමාවට විට නායක විරාට් කෝලී නොදැවී ලකුණු 51 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි අජින්ඛ්‍යා රහනේ නොදැවී ලකුණු 53 ක් ලබා සිටියේය.
ඒ අනුව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට විරාට් කෝලී සහ අජින්ඛ්‍යා රහනේ සමත්වූහ.
ඉන්දීය දෙවැනි ඉනිමේ මුල් කඩුළු 3 ලකුණු 81 ක් තුල දවාගැනීමට රොස්ටන් චේස් සහ කෙමාර් රෝච් සමත්විය. රොස්ටන් චේස්ට කඩුලු 2 ක් සහ කෙමාර් රෝච්ට කඩුල්ලක් ලෙස දැවී ගිය කඩුලු බෙදී ගියහ.
දෙවැනි දිනය (23 වැනිදා) අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 189 ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඊයේ දිනයේදී සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි. පෙරදින තරගය නතර කරනවිට පන්දුවට පහරදෙමින් සිටි ජේසන් හෝල්ඩර් ජේසන් හෝල්ඩර් ලකුණු 39 කට දැවී ගිය අතර මිගෙල් කමින්ස්ට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමිනොවීය.
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 297
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 222
(ජෝන් කැම්බල් 23, රොස්ටන් චේස් 48, ශායි හොප් 24, ශම්රන් හැට්මෙයර් 35, ජේසන් හෝල්ඩර් 39, ඉෂාන්ත් ශර්මා 43/5, මොහොමඞ් ශාමී 48/2, රවින්ද්‍ර ජඬේජා 64/2)
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 185
(ලෝකේෂ් රාහුල් 38, චෙතේෂ්වර් පුජාරා 25, විරාට් කෝලී නොදැවී 51, අජින්ඛ්‍යා රහනේ නොදැවී 53, රොස්ටන් චේස් 69/2)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.