Last Update  :  2025-11-26 20:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට ලකුණු 549 ක ඉලක්කයක්
දෙවැනි ටෙස්ට් තරගය

ඉන්දියාවට ලකුණු 549 ක ඉලක්කයක්

editorial - 2025 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ගුවහටි නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (25 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් ලබාගත් දකුණු අප්‍රිකානුවෝ, ඉනිම අත්හිටුවමින් ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 549 ක ඉලක්කයක් ලබාදුන්හ. 

සිවුවැනි දිනය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 27 ක් ලබා දකුණු අප්‍රිකාවට වඩා තවත් ලකුණු 522 ක් පසුපසින් සිටියේය. ඒ වන විට සායි සුදර්ෂන් ලකුණු 2 ක්ද, රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි කුල්දීප් යාදව් ලකුණු 4 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

ඉන්දීය දෙවැනි ඉනිමේ බිඳවැටුණු කඩුලු 2 ට හිමිකම් කීමට මාර්කෝ ජැන්සන් සහ සයිමන් හාමර් සමත් වූ අතර එහිදී පිළිවෙළින් යෂස්වි ජයස්වාල් (ලකුණු 13) කඩුලු රකින ක්‍රීඩක කයිල් වැරේන් අතට උඩ පන්දුවක් දෙමින්ද, ලෝකේෂ් රාහුල් (ලකුණු 6) පන්දුව කඩුල්ලේ දැවටීමෙන්ද දැවී ගියහ. 

තෙවැනි දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටි දකුණු අප්‍රිකානුවෝ, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 234 ක් එක්කර ගැනීමට සමත් වූහ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ටි්‍රස්ටන් ස්ටබ්ස් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 94 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය. 

ටෝනි ඩි’ සෝර්සි (49) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණ 101 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටබ්ස්, ඉන් නොනැවතී වියන් මල්ඩර් (නොදැවී 35) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. සෝර්සිගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද, මල්ඩර්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය. 


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 489 
(ඒඩ්න් මාක්‍රම් 38, රයන් රිකෙල්ටන් 35, ටි්‍රස්ටන් ස්ටබ්ස් 49, ටෙම්බා බවුමා 41, ටෝනි ඩි’ සෝර්සි 28, සෙනුරන් මුත්තුසාමි 109, කයිල් වැරේන් 45, මාර්කෝ ජැන්සන් 93, කුල්දීප් යාදව් 115/4, ජස්ප්‍රීට් බුම්රා 75/2, රවින්ද්‍ර ජදේජා 94/2, මොහොමඩ් සිරාජ් 106/2)
 
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 201 
(යෂස්වි ජයිස්වාල් 58, ලොකේෂ් රාහුල් 22, වොෂිංටන් සුන්දර් 48, කුල්දීප් යාදව් 19, මාර්කෝ ජැන්සන් 48/6, සයිමන් හාමර් 64/3) 

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 260 
(ඒඩ්න් මාක්‍රම් 29, රයන් රිකෙල්ටන් 35, ටි්‍රස්ටන් ස්ටබ්ස් 94, ටෝනි ඩි’ සෝර්සි 49, වියන් මල්ඩර් නොදැවී 35, රවින්ද්‍ර ජදේජා 62/4) 

ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 27 

-036 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 549 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.